728x90 AdSpace

උණුසුම් පුවත්.....
Wednesday, March 8, 2023

පවුලේ ආදරණීයන් එක්ක උඩු ගුවනින් නුවරඑළි ගිය පුෂ්පිකා - ජායාරූප


 පුෂ්පිකා ද සිල්වා. නිරූපණ ක්ෂේත්‍රයේ අතිශය ජනප්‍රිය නමක් දිනූ ඇය ගෙවුණු කාලයේ වඩාත් කතාබහට ලක්වුණේ රූ රැජිණ කිරුළක් එක්ක. ඒ කොහොම නමුත් පුෂ්පිකා කියන්නෙ සමාජ මාධ්‍යයේත් හරිම ජනප්‍රිය චරිතයක්. ඇය නිතර සිය ආදරණීය පුතු එක්ක සොඳුරු ඡායාරූප සහ සටහන් එකතු කරනවා.

ඔන්න ඉතින් ඈ සිය පවුලේ ආදරණීයන් එක්ක නුවරඑළි සංචාරයක ගිහින්... එහි අපූරු රූ එකතුවක් ද මේ විදියට සමාජ මාධ්‍යයට එකතු කර තිබුණා.


"මේ ලෝකෙ තියෙන ශක්තිමත්ම බැඳීම, ශක්තිමත්ම ඒකකය තමයි "..පවුල.." කියන්නෙ.

තමන්ගෙ අය, තමන්ගෙකම, ලේ බැඳීම වගේ තවත් ගොඩක් දේවල් පවුල කියන ඒකකයට ඇතුළත්.

මම මගේ පවුලේ අයත් එක්ක ජීවත් වෙන මේ වගේ මොහොතක දි මට මම වඩාත් සම්පූර්ණ මනුෂ්‍යයෙක් විදියට දැනෙනවා. තාත්තේ, මේ ෆොටෝ එකට අඩු තාත්තා විතරයි.

අපි ඔක්කොටම තාත්තා මේ මොහොතේ අපිත් එක්ක නැති අඩුව දැනෙනවා.

ඔබ මොන තරම් කාර්ය බහුල වුණත්, ඔබේ පවුලේ සාමාජිකයන් එක්ක ගත කරන්න කාලය හොයාගන්න. ඒක හරිම වැදගත්.







- පුෂ්පිකා ද සිල්වා "

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: පවුලේ ආදරණීයන් එක්ක උඩු ගුවනින් නුවරඑළි ගිය පුෂ්පිකා - ජායාරූප Rating: 5 Reviewed By: webgossip24.com