728x90 AdSpace

උණුසුම් පුවත්.....
Wednesday, March 15, 2023

21 හැවිරිදි සේවිකාව දිවි නහගත් නිසා 50 හැවිරිදි රත්තරන් මුදලාලිත් දිවි නසාගෙන


 යාපනයේ ප්‍රසිද්ධ ස්වර්ණාභරණ අලෙවි මධ්‍යස්ථානයක හිමිකරු සහ එහි සේවය කළ සේවිකාවක් ඊයේ (14) දින ගෙලවැලලාගෙන සියදිවි හානිකරගෙන සිටියදී මළසිරුරු හමු වූ බවට යාපනය පොලීසිය පවසයි.

මිය ගොස් සිටි ස්වර්ණාභරණ අලෙවිසැලේ හිමිකරුගේ සහ සේවිකාවගේ සිරුරු ඔවුන්ට අයත් නිවෙස්වල තිබී පොලීසිය විසින් සොයාගෙන ඇත.

පළමුව ඊයේ (14) උදෑසන ස්වර්ණාභරණ අලෙවිසැලේ සේවිකාව ඇයගේ නිවසේදී ගෙලවැලලාගෙන මිය ගොස් ඇති අතර අදාල සේවිකාව සේවයට නොපැමිණීම හේතුවෙන් හිමිකරු සොයා බැලීමේදී අදාල සේවිකාව ගෙලවැලලාගෙන ඇති බවට දැනගැනීමෙන් පසු ස්වර්ණාභරණ අලෙවිසැලේ හිමිකරුද ඊයේ දහවල් ඔහුගේ නිවසේදී ගෙලවැලලාගෙන සිටියදී මළසිරුර පොලීසිය විසින් සොයාගෙන ඇත.

මියගිය රන්භාණ්ඩ ව්‍යාපාරිකයා 50 හැවිරිදි යාපනය නාවලර් ප්‍රදේශයේ පදිංචි විවාහක අයෙකු වන අතර ඔහුගේ බිරිඳ හා දරුවන් කොළඹ ප්‍රදේශයේ ජීවත් වන බවටද වාර්ථාවන අතර මිය ගිය තරුණිය 21 හැවිරිදි යාපනය නාවන්තුරෙයි ප්‍රදේශයේ පදිංචි අවිවාහක තැනත්තියක් බවටද වාර්තා වෙයි.

අදාල සියදිවි හානිකරගැනීම් වලට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතර මළසිරුරු පශ්චාත් මරණ පරික්ෂණය වෙතට යොමු කොට ඇති බවටත් අදාල මරණයන් දෙක අතර යම් සමබන්ධයක් ඇත්දැයි යන්න පිලිබඳව පුලුල් පරික්ෂණයක් අරඹා ඇතැයිද යාපනය පොලීසිය වැඩිදුරටත් පැවසීය.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: 21 හැවිරිදි සේවිකාව දිවි නහගත් නිසා 50 හැවිරිදි රත්තරන් මුදලාලිත් දිවි නසාගෙන Rating: 5 Reviewed By: webgossip24.com