728x90 AdSpace

උණුසුම් පුවත්.....
Wednesday, March 8, 2023

රුපියල අද තව තවත් දැඩි ශක්තිමත් වෙයි - උණ්ඩියල් සල්ලි ආපසු එයි - සංචිතයි - කොටස් වෙළද පොළත් තරඟයට

http://
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවත් ශක්තිමක් වී තිබේ.ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව ඩොලරයේ ගැණුම් මිල රුපියල් 313.77ක් ලෙසත් විකිණුම් මිල රුපියල් 331.05ක් ලෙසත් දැක්වෙයි.

ඩොලරයේ අගය රුපියලට සාපේක්ෂව පහළ යාමත් සමග රට තුළ පැවති විදේශ සංචිත ඉකුත් කාලයේ උණ්ඩියල් වැනි ක්‍රම හරහා රටින් පිටතට රැගෙන ගිය පුද්ලයන් මේ වන විට කඩිනමින් යළි එම විදේශ සංචිත රට තුළට ගෙන ඒම අරඹා ඇතැයි කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය, මහා මාර්ග හා ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

රුපියලේ අගය ඩොලරයට සාපේක්‍ෂව පහත වැටෙමින් එක් ඩොලරයක් සඳහා ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය හාරසියයක පමණ මට්ටමේ තිබියදී ඩොලර් සංචිත විදේශ රටවලට යැවූ පුද්ගලයන් රුපියලේ අගය ඉහළ යෑමත් සමඟ මෙසේ යළි ඒවා රැගෙන ඒමට කටයුතු කරන බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

මේ අතර මාධ්‍යවේදියෙක් රුපියල ගැන අමාත්‍යවරයාගෙන් විමසා සිටි අතර එහිදී අමාත්‍යවරයා පිළිතුරු දෙමින් කියා සිටියේ ඉදිරියේදී රුපියල යකඩ වලට වඩා ශක්තිමත් වෙන බවයි 

2023 පෙබරවාරි මාසය අවසානයේ දී ශ්‍රී ලංකාව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 2,217ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

මෙය 2023 ජනවාරි මාසය අවසානයේ දී පැවති ඩොලර් මිලියන 2,121 ක්වූ සංචිත වත්කම් ප්‍රමාණය හා සැසඳීමේ දී 4.5%ක වර්ධනයකි.

මේ අතර නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත වන ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය 2023 පෙබරවාරි මාසය තුළ දී ඩොලර් මිලියන 2,065 සිට ඩොලර් මිලියන 2,183ක් දක්වා 5.7%කින් වැඩි වී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව සතු රන් සංචිතය පසුගිය පෙබරවාරි මාසය තුළ දී ඩොලර් මිලියන 29 සිට ඩොලර් මිලියන 28 ක් දක්වා 5.3%කින් අඩු වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් නිවේදනය කරන්නේ, එම විදේශ විනිමය සංචිතය තුළ චීන මහජන බැංකුවෙන් ලද එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4කට සමාන විදේශ විනිමය හුවමාරු පහසුකම අන්තර්ගත බවත්, එය භාවිත කිරීම යම් කොන්දේසිවලට යටත් බවත්ය.කොළඹ කොටස් වෙළෙඳපොළේ වාර්තාගත වර්ධනයක් ඊයේ (මාර්තු 7) පෙන්නුම් කෙරිණි.

සියලු කොටස් (ASPI) මිල දර්ශකය සහ එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 (S and P SL 20) මිල දර්ශකය යන දර්ශක දෙකේ ම ඉහළ වර්ධනයක් ඊයේ පෙන්නුම් කළ අතර සියලු කොටස් මිල දර්ශකය ඒකක 198.02ක වර්ධනයක් පෙන්නුම් කරමින් ඒකක 9642.94 ක්ද එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 මිල දර්ශකය ඒකක 30.96ක වර්ධනයක් පෙන්නුම් කරමින් ඒකක 2869.14ක් ද පෙන්නුම් කරනු ලැබිණි.

මේ අතර, බිලියන 3කට වැඩි පිරිවැටුමක් ද ඊයේ දිනයේදී කොටස් වෙළෙඳපොළ වාර්තා කරනු ලැබිණි.

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරන ආකාරයට ඩොලරයේ අගය පහත බැස තිබේ නම් ආණ්ඩුව පනවා ඇති ආනයන සහ අපනයන සීමා ඉවත් කළ යුතු බවත් එසේ ඉවත් කළහොත් ඩොලරයේ අගය සැබෑ ලෙසම ශක්තිමත් වී ඇති දැයි බලා ගත හැකි බවත් ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා (8) පැවසීය.

රුපියල ශක්තිමත් වී ඇතැයි ප්‍රකාශ කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බව කී ලියනාරච්චි මහතා එය ප්‍රායෝගිකව පෙන්විය යුතු බවද සඳහන් කළේය. 

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: රුපියල අද තව තවත් දැඩි ශක්තිමත් වෙයි - උණ්ඩියල් සල්ලි ආපසු එයි - සංචිතයි - කොටස් වෙළද පොළත් තරඟයට Rating: 5 Reviewed By: webgossip24.com