728x90 AdSpace

උණුසුම් පුවත්.....
Wednesday, March 8, 2023

ඩොලර් - යුරෝ සඟවාගෙන සිටි අය අද අමාරුවේ - දැන් උන්ඩියාල් ක්‍රමයට එව්වත් ලැබෙන්නේ වෙළෙදපොල මිලටත් අඩු මුදලක්


 දේශපාලන පක්ෂ විසින් මේ රටට ඩොලර් එවන්න එපා යැයි කියමින් පසුගිය කාලයේ විශාල ප්‍රචාරයක් ගෙන ගියා. ඒ දේශපාලන පක්ෂ විශ්වාස කරපු විදේශ රැකියාවල නිරත සමහරු රටට ‌ඩොලර් එවන්නේ නැතිව සඟවාගෙන හිටියා. අද මොකද වෙලා තියෙන්නේ. ඒ දේශපාලන පක්ෂ විශ්වාස කරළා රටට ඩොලර් එවන්නේ නැතිව ඒවා හංගාගෙන හිටපු අය අමාරුවේ වැටි ඇතැයි" කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

 ඊයේ පස්වරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති උත්සව අවස්ථාවක් අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

 මේ වනවිට අපේ රුපියල ඉතාමත් ශක්තිමත් වෙමින් තිබෙනවා. රුපියල ශක්තිමත්වීමට හේතු කිහිපයක් තිබෙනවා. ඒ  ඩොලර් මිලියන 400ක් ලැබීම වගේම සංචාරක කර්මාන්තය, හා අපනයනය ආදායම ඉහළ යාම, ණය හා පොලී  නොගෙවීම ඊට හේතුවී ඇති බව පෙනෙනවා. ඒ වගේම රුපියල ශක්තිමත් වීම පටන් ගත් ගමන් පිටරටවල සේවයේ නියුතු සමහරු සඟවාගෙන සිටි ඩොලර් ආපසු එවන්න පටන් අරන් තියෙනවා.

මේ සමහරක් දේශපාලන පක්ෂවල උසිගැන්වීම මත රටට ඩොලර් නොඑවා සඟවාගෙන සිටි අයයි.

මින් පෙර  ඩොලර් එව්වා නම් ඔවුන්ට ලොකු මුදලක් මෙරට දී රුපියල් වශයෙන් ලැබෙනවා. දැන් උන්ඩියාල් ක්‍රමයට එව්වත් ලැබෙන්නේ වෙළෙදපොල මිලටත් අඩු මුදලක්.

දේශපාලන පක්ෂ විශ්වාස කරගෙන රටට හානි කරන්න ගියාම ඔය වගේ දේවල් වෙනවා.

දැන් රුපියල ශක්තිමත් වන තත්ත්වය දෙස බලන විට රුපියල් 300ක් දක්වා ඩොලරයේ අගය පහළට එන තත්ත්වයක් තිබෙනවා.

මෙහි වාසිය පාරිභෝගික ජනතාවට දැන් ලැබෙනවා. වෙළෙද පොළේ ආහාර ද්‍රව්‍ය මිල ගණන් ඊයේ දින සිටම පහළ යාම ආරම්භ වුනා. සීනි. පිටි, පරිප්පු වැනි ආහාර ද්‍රව්‍ය රැසක මිල ගණන් අවම වී ඇති බව පාරිභෝගිකයෝ පවසනවා.

අපිට අවශ්‍ය වුනෙත් එම දෙයම තමයි. රජය කෙටි කාලයක් තුළ රටේ ආර්ථික මට්ටම ස්ථාවර තත්ත්වයට ගෙන එමින් තිබෙන බව කිව යුතුයි. මින් මාස කිහිපයකට පෙර මේ රට තෙල් පෝළිම්, ගෑස් පොළිම්, කිරිපිටි පෝළිම් තිබු රටක් බව අමතක නොකළ යුතුයි.  මිනිස්සු විශාල පිරිසක් මේ පෝළිම්වල මරණයට පත් වූ යුගයක් අප පසුකළ බව අමතක නොකළ යුතුයි" යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: ඩොලර් - යුරෝ සඟවාගෙන සිටි අය අද අමාරුවේ - දැන් උන්ඩියාල් ක්‍රමයට එව්වත් ලැබෙන්නේ වෙළෙදපොල මිලටත් අඩු මුදලක් Rating: 5 Reviewed By: webgossip24.com