728x90 AdSpace

උණුසුම් පුවත්.....
Wednesday, March 8, 2023

අපේ අම්මා වෙන විවාහයක් කරගන්නවට අපේ කිසිම විරුද්ධත්වයක් නෑ – ප්‍රසිද්ධ ගායිකා සුජීවාගේ වැඩිමහල් දියණිය


 ප්‍රාසාංගික වේදිකාවට නැතුවම බැරි ගායිකාවක් විදියට කේ. සුජීවා හදුන්වා දෙන්න පුලුවන්. ඇය ගායන ක්ශේෂ්ත්‍රය තුල මේ වන විට ඉතා ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලබා ගත් ආදරණීය ගායිකාවක්. ‘ඉගි මරන තරු රෑන’ ගීතය හරහා කවුරුත් හදුනන කේ. සුජීවා ජනප්‍රිය ගායිකාව ගැන මේ වනවිටනම් කාටවත් අමුතුවෙන් හදුන්වා දෙන්න අවශ්‍ය නෑ.

සමාජ මාධ්‍ය තුළ ඉතාම සක්‍රීය චරිතයක් වන කේ.සුජීවාගේ ආදරණීය දියනියන් දෙදෙනාගෙන් ලොකු දුව අංජලීත් පොඩි දුව රෝස් ගායනයට හපන්කම් දක්වන දෙදෙනෙක්. ඉතින් කේ.සුජීවා ගැන මේ දිනවල සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙන වීඩියෝවක් ගැන කවුරුත් කතා බහ වෙනවා. ඒ වගේම ඒ සිදු වුණු අවස්ථාවේ ගායිකා කේ. සුජීවාගේ මුවින් කියවුණු වචනයක් හේතුවෙන් ඔවුන් ගීතයක්ද පසුගිය දා එලිදක්වලා තිබුණා.

ඉතින් සමාජ මාධ්‍ය හරහා කාගේත් විවේචනයට ලක් වුණු කේ. සුජීවා ඇතුළු පවුලේ පසු ගිය දා සහභාගි වුණු මාධ්‍ය සාකච්ඡාවකදී අංජලී ඇගේ අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” අපේ අම්මා කැමතියිනම් ආයෙත් විවාහයකට යනවට මගෙයි නංගිගෙයි කිසිම විරුද්ධත්වයක් නෑ. මොකද අපේ අම්මට තියෙන අඩු පාඩු මොනවද. එයාට තව කසාදයක් කරගන්න ඕනතරම් සුදුසුකම් තියෙයි. එයා කැමතියි නම් අපිත් කැමතියි. මොකද එයාට එයාගෙ කියලා ජීවිතයක් තියෙන්න ඕන. ඒක එයා තීරණය කරගන්න ඕනනේ.”

මේ විදියටයි කේ. සුජීවගේ දුව අංජලී ඇගේ අම්මා ගැන අදහස් දක්වලා තිබුණේ.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: අපේ අම්මා වෙන විවාහයක් කරගන්නවට අපේ කිසිම විරුද්ධත්වයක් නෑ – ප්‍රසිද්ධ ගායිකා සුජීවාගේ වැඩිමහල් දියණිය Rating: 5 Reviewed By: webgossip24.com