වැලිමඩ අධ්‍යාපන කළාපයේ කැප්පෙටිපොල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයෙකු තම පාසලේ රූමත් සිසුවියන්ට දීර්ඝ කාලයක් තිස්සේ රාත්‍රි කාලයේදි වට්ස්ඇප් පණිවිඩ ඔස්සේ විවිධ ආකාරයේ අයුතු යෝජනා කිරීම් සම්බන්ධයෙන් ලැබුන පැමිණිලි මත විදුහල්පතිවරයාගේ සේවය අත්හිටුවා පරීක්ෂණයක් ආරම්භ කිරීමට ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබේ.
දෙදෙරු පියෙකු වන 55 හැවිරිදි මෙම විදුහල්පතිවරයා පාසලේ සිසුවියන්ට රාත්‍රි කාලයේ වට්ස්ඇප් පණිවිඩ ඔස්සේ විවිධ ආකාරයේ අයුතු යෝජනා කිරීම තහවුරු කර ගැනීමට පාසලේ සිසුවෙකු රූමත් සිසුවියක ආකාරයෙන් වට්ස්ඇප් මාර්ගයෙන් කිහිප දවසක් සම්බන්දවී සිටියදි විදුහල්පතිවරයාගේ නිරුවත් ජායාරූප කිහිපයක් සිසුවියක යැයි සිතා සිසුවාට එවා නිවාඩු දිනකදි පාසලට පැමිණ හමුවන ලෙසත් දන්වා ඇත.
චෝදනාවට ලක්වු විදුහල්පතිවරයා රාත්‍රි කාලයේදි සහ අළුයම් කාලයේදි තම පාසලේ රූමත් සිසුවියන්ගේ වට්ස්ඇප් පණිවිඩ ඔස්සේ පළමුවෙන්ම පවුලේ හා පාසලේ තොරතුරු දැනගැනීමෙන් පසු හිතවත්කම් ඇති කර ගැනීමෙන් පසු සිසුවියන්ට අයුතු යෝජනා කිරීමට යොමුවී ඇත.
විදුහල්පතිවරයා රවටා සියලු තොරතුරු අනාවරණයකරගත් පාසල් සිසුවා මෙම සිද්ධිය දෙමාපියන්ට,ආදිසිසුන්ට හා ගුරුවරුන්ට දැනුම් දීමෙන් පසු ඔවුන් සිද්ධිය තහවුරුකරගත් පසු විදුහල්පතිවරයා පාසලෙන් එළවා දැමීමට කටයුතු කිරීමත් සමග පසුගියදා පාසලේ උණුසුම් තත්වයක්ද ඇතිව තිබේ,
පාසලේ දරුවන්,දෙමාපියන් හා ගුරුවරුන්ගේ පැමිණිලි වලින් පසු චෝදනාවට ලක්වු විදුහල්පතිවරයාගේ වැඩ තහනමකට ලක්කළ ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
0 comments:
Post a Comment