728x90 AdSpace

උණුසුම් පුවත්.....
Tuesday, March 7, 2023

හැමෝගෙම ක්‍රෂ් එකට උම්මා දෙන කවී


 ජානු - මඟහැරුණු හිත්වලත් තියෙනවා ප්‍රේමයක්...! සමීර හසුන් රූපමය කතිකාව පසුගිය 20 වැනිදා සිට සතියේ දිනවල රාත්‍රී 7.30ට ස්වාධීන රූපවාහිනී සේවයෙන් විකාශය වෙන්න පටන් ගත්තා. ජානුට ජීවය ලබා දෙන්නේ අලුත් රංගන ශිල්පිනියක්. ඒ නිසාම බොහෝ දෙනා කවුද මේ ජානු ට ඉන්නේ කියලා දැන ගන්නත් කැමති ඇති.






සම්පූර්ණ නම - යසශ්‍ර්‍රී කවිහාරි හපුතන්ත්‍රී

ගම - මහනුවර

පවුලේ විස්තර - අම්මා, තාත්තා සහ නංගිලා දෙන්නා.

පාසල - කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය


පාසලේදීත් කලාවට සම්බන්ධ වෙලා තියෙනවද?

නැහැ. මම කිසිම කලා කටයුත්තකට සම්බන්ධ වෙලා නැහැ.


පාසල් යන කාලේ කවුරු වෙන්නද ආස කළේ ?

මම ආසාවෙන් හිටියේ ගුවන් සේවිකාවක් වෙන්න.


කොහොමද රංගනයට එන්නේ ?

ඇත්තටම අහම්බෙන් ලැබුණු අවස්ථාවක්. මම වෙඩින් එකකට ගිහින් ගත්ත ෆොටෝ එකක් fb එකෙන් දැකලා මට සමීර හසුන් අයියා කතා කළේ. මට fb එකවුන්ට් එකක්වත් නැහැ. වෙන කවුරුහරි දාලා තිබුණ එකක් දැකලා තමයි මාව හොයාගෙන මාව කන්ටැක් කර ගත්තේ.


ඒ කියන්නේ ජානු ඔබේ මුල්ම රංගනය ?

ඔව්. මීට පෙර රංගනයෙන් කිසිම දෙයකට සම්බන්ධ වෙලා නැහැ.

ජානුට ආරාධනා කළාම මොකද හිතුණේ ?

මට කතා කළ දවසේ ගොඩක් සතුටු හිතුණා. එකපාරටම අදහා ගන්නත් බැරි වුණා. කොහොමහරි ගෙදරට කිව්වම ඒ අයත් කැමති වුණා. තාත්තිම තමයි පළවෙනි දවසේ සමීර අයියා හම්බෙන්න එක්කන් ගියේ.


කොහොමද දර්ශන තලයේ පළමු දින අත්දැකීම ?

සමීර අයියා සහ සචින් අයියා ගොඩක් දේවල් කියලා දුන්නා. මුල්ම දවසේ මුලින්ම මට රඟපාන්න තිබ්බේ සචින් අයියා එක්ක. පළවෙනි සැරේ මම සචින් අයියා ළඟට එනවා බයවෙනවා වෙවුළනවා ආයේ පිටිපස්සට යනවා. දැන් නම් අපි ගොඩක් හිතවත් නිසා ලොකු බයක් නැහැ.


තිරයේ පළමු පෙම්වතා සචින් නේද ?

ඔව්. පළමු පෙම්වතා සචින්


සචින්ගෙන් ලැබුණු සහයෝගය කොහොමද ?

එයාගේ අක්කගේ දුව වගේලු මම. ඒ නිසා එයා මට ගොඩක් ඉක්මනින් සමීප වුණා. වෙලාවකට චූටි නංගි කියලත් කතා කරනවා. එයා මට ගොඩක් දේවල් කියලා දෙනවා. කතාවේ නමත් ජානු. ජානුට ඉන්නෙත් මමනේ. ඒ නිසා මේ කතාව මගේ වටා ගෙතුණු කතාවක්. සචින් අයියා ඒක මගේ ඔළුවට දානවා. එයා හැමවෙලේම කියන්නේ කතාව ඔයාගේ වටා ගෙතුණු කතාවක්. ඔයා තමයි හොඳටම රඟපාන්න ඕනේ. එදාට වඩා අද හොඳයි. අදට වඩා හෙට හොඳට රඟපාන්න කියලා මාව දිරිමත් කරනවා.


මේ වෙද්දී තව නිර්මාණ වලට ඇරයුම් ලැබුණද ?

ඇත්තෙන්ම ඔව්. ජානු ලැබුණට පස්සේ මට තව නිර්මාණ හත අටකටම කතා කළා. ඒවාවලත් තුන හතරක්ම ප්‍රධාන චරිතවලට කතා කළේ. හැබැයි ඒ කිසි එකකට මම ගියේ නැහැ. මොකද ජානු මගේ පළවෙනි ටෙලි නාට්‍යය නිසා.


දැන් රූපවාහිනී තිරයේ දකිද්දී මොකද හිතෙන්නේ

අදටත් මම රූපවාහිනී තිරයේ ඉන්නවා කියන එක සිහිනයක් වගේ.


ජානු සහ කවිහාරිගේ සමානකම් තියෙනවද ?

කවිහාරි කියන්නේ චූටි දේටත් අඬන, චූටිම දේකින් හරි ගොඩක් සතුටු වෙන හරිම සංවේදී කෙනෙක්. එතකොට ජානු කියන්නෙත් ඒ වගේම කෙනෙක්. අනිත් එක ජානු කියන්නේ ගමේ හැදුන දඟකාර හුරතල් හොඳ කෙනෙක්.


ජානුට නම් පෙම්වතෙක් ඉන්නවා, එතකොට කවිහාරිට ?

කවිහාරිට නම් තවම පෙම්වතෙක් නැහැ.

මොනවගේ කෙනෙක් ද හොයන්නේ ?

එහෙම නැහැ. මම ගොඩක් සංවේදී කෙනෙක් නිසා මට ඕනේ මට ආදරේ ගොඩක් දෙන කෙනෙක්. මා එක්ක ආදරෙන් මගේ දේවල්වලට සහයෝගය දෙන එහෙ මෙහෙ ගිහින් කාලා සතුටින් ඉන්න කෙනෙක්ට තමයි මම කැමති.


කැමතිම නළුවා සහ නිළිය කවුද ?

මම කැමතිම නාට්‍යයක් තමයි පාර දිගේ. ඒකෙ ඉන්න දුශේනි මියුරංගි තමයි මම කැමතිම නිළිය. දුශේනි අක්කව මට එක අවස්ථාවකදී හම්බෙලත් තියෙනවා. මම දැක්ක හරිම නිහතමානී ෆ්‍රෙන්ඩ්ලි කෙනෙක්. මොකද මම එයාව අඳුරනවා වුණාට එයා මාව දන්නේ නැහැනේ. ඒත් එයා එදා මා එක්ක හොඳට කතා කරලා ෆොටෝ අර ගත්තා. නළුවන්ගෙන් නම් සචින් අයියට තමයි. මේ දවස්වල හැමෝම කැමති සචින් අයියටනේ. ඉතින් මමත් කැමති එයාට. මට ගොඩක් සතුටුයි මගේ මුල්ම නිර්මාණයේ එයා එක්කම රඟපාන්න ලැබීම ගැන. මගේ යාළුවො පවා දැන් රිප්ලයි කරනවා හැමෝගෙම ක්‍රෂ් එකට ඔයා උම්මා දෙනවා, එහෙම නම් බැහැ කියලා.


ජානුට වටා එකතු වෙන ප්‍රේක්ෂකයන්ට මොනවගේ දෙයක් ද කියන්න තියෙන්නේ ?

ජානු කියන්නේ මගේ පළමු රංගනය නිසා අඩුපාඩු තියෙන්න පුළුවන්. මොකද මම රංගනය හදාරපු කෙනෙක් නොවන නිසා. නමුත් මම උත්සහ කළා ජානුට සාධාරණයක් කරන්න. දැනට නම් ජානුට ලැබෙන ප්‍රතිචාර ගොඩක් හොඳයි. ජානු කියන්නේ කොහොමත් ගොඩක් අය ආදරේ වෙන චරිතයක් කියලා සීයට සීයක් මට විශ්වාසයි. ඉතින් ජානුට පණපොවන්නේ මම නිසා මටත් ඒ ආදරේ ලැබෙයි කියලා මම හිතනවා. 

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: හැමෝගෙම ක්‍රෂ් එකට උම්මා දෙන කවී Rating: 5 Reviewed By: webgossip24.com