728x90 AdSpace

උණුසුම් පුවත්.....
Friday, March 24, 2023

ඇඳ වටේ තිබූ ලී වැටක සිරවී මාස හතක සිඟිත්තිය මරුට


  ඌවපරණගම මස්පන්න ගම්මානයේ නිවසක ඇදක් වටා  සවිකර තිබු ලී වැටක  සිරවීමෙන් මාස හතක දැරියක් 23 දින සවස මියගොස් ඇති බව පොලිසිය පවසයි 

මස්පන්න වෙලේකඩේ ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි හර්ෂනී මධුෂිකා නැමැති වයස මාස හතක දැරිය නිවසේ ඇදෙන් වැටී ආවරණ ලී වැටේ සිරවීමෙන් සිදුවු අනතුරින් මියගොස් තිබෙයි
 
මියගිය දරුවාගේ මව නිවසේ වැඩ කටයුතු වල නිරතව පසුව දරුවා නිදා සිටි ඇද ළගට පැමිණෙන විට දරුවා ඇද වටා තිබෙන ලී වැටේ සිරවී සිටියදි එයින් මුදවාගෙන ඌවපරණගම වැවේගම රෝහලට ගෙන ගියාත් ඒ වන විටත්  දරුවා මියගොස් සිට ඇති බව පොලිසිය කියයි.
 
මියගොස් සිටි දරුවාගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ  කටයුතු සදහා දියතලාව මුලික රෝහලට යොමු කර තිබෙන අතර ඌවපරණගම පොලිසිය සිද්ධිය සම්බන්දයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වති,
  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: ඇඳ වටේ තිබූ ලී වැටක සිරවී මාස හතක සිඟිත්තිය මරුට Rating: 5 Reviewed By: webgossip24.com