ප්‍රවාහන පහසුකම් ලබාදෙන මුවාවෙන් 18 හැවිරිදි තරුණියක් ලොරි රථයට නංවාගෙන ගොස් දූෂණය කිරීමේ සිද්ධියක් වාද්දුව ප්‍රදේශයෙන් වාර්තා වේ.
සැකකරුවන් විසින් ඇයව වාද්දුව ප්‍රදේශයේ හුදකලා වත්තකට රැගෙන ගොස් වරින්වර දූෂණය කර ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළිවී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු සහ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළේය.
අතවරයට පත් තරුණිය කළුතර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත.
පානදුර ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කරන තරුණිය සේවය නිමවා රාත්‍රී නිවසට යමින් සිටියදී කුඩා ලොරි රථයක් ඇය අසල නවතා හැඳුනුම්කමක් පෙන්වා ඉතා සූක්ෂම ලෙස ලොරියට නංවාගෙන මෙම අපරාධය සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ලොරි රථය පින්වත්ත දෙසට ගමන් කිරීමේදී තමන්ට බැසීමට අවශ්‍ය බවට තරුණිය පවසා ඇති අතර රථය නොනවත්වා වාද්දුව ප්‍රදේශයේ පාළු වත්තකට ධාවනය කර ඇති බවද පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත.
එම තරුණිය මිත්තණිය භාරයේ හැදීවැඩී ඇති අතර මව බන්ධනාගාරගතව ඇතැයි ද මවගේ තෙවන සැමියා මත්කුඩු චෝදනාවක් හේතුවෙන් බන්ධනාගාරගතවී සිටින බවද හෙළිවී ඇති බව ද උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
පානදුර දකුණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
0 comments:
Post a Comment