728x90 AdSpace

උණුසුම් පුවත්.....
Friday, March 17, 2023

මගේ කාර්යබහුලත්වය නිසා මට දැන් නිදා ගන්නවත් වෙලාවක් නෑ


 පසුගිය දා පැවති සුමති සම්මාන උළෙලේදී ජනප්‍රියම නිලිය ලෙසින් සම්මානයට පාත්‍ර වුණු ඇය කවදත් හිනා වෙලා ඉන්න දුෂේනි මියුරංගි. දුෂේනිට මේ වන විට විශාල රසික ආදරයක් ලැබෙනවා. ඒ වගේම දුෂේනිගේ රංගන කුසලතාවයටද බොහෝ දෙනා ආදරය කරනවා. ඉතින් දුෂේනි මියුරංගිව මේ දිනවල දැක ගන්න පුලුවන් ඉතා ජනප්‍රිය ටෙලිනාට්‍යයක් තමයි ‘පාර දිගේ’ ටෙලිනාට්‍යය.

මෙම ටෙලිනාට්‍යයේ දිවිත්ව චරිත රංගනයකට රංගනයෙන් දායක වුණු ඇය ඉතා දක්ෂ ලෙස එකකට එකක් වෙනස් අයුරින් රංගනය කරනවා. ඒ වගේම ඉදිරියේදී අපිට සංසාරිණි ටෙලිනාට්‍යය හරහාත් දුෂේනිව දැක ගන්න හැකිවෙනවා. ඉතින් කවුරුත් ආදරේ කරන මේ ජනප්‍රිය රංගන ශිල්පිනිය රයිගම් ටෙලීස් සම්මාන උලෙලේත් ජනප්‍රියම රංගන ශිල්පිනිය විදියට නිර්දේශිත නාමයන් අතර ඉන්නවා.


රංගන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක් වන දුෂේනි මේ වන විට ඉතාම කාර්යබහුල චරිතයක් ඇය කලා ජීවිතයේදී. ඉතින් පසුගියදා පැවති ස්ටාර් ගේසර් හී නර්තන ශිල්පිනියක් විදියට ඇය වැඩ කටයුතු කලා. ඒ ගැන ඇය මේ විදියටයි එක්තරා මාධ්‍ය හමුවකදි අදහස් දක්වලා තිබුණේ.

” මේ දවස් වල මම ගොඩක් කාර්යබහුලයි. නිදාගන්නවත් වෙලාවක් නෑ. මගේ කොරියොග්‍රැෆර් මට වීඩියෝ ශූට් කරලා එව්වා මම ශූටින් කරනකොට. ඒ තරම් උදව් කලා. ඒ නිසා තමයි අද හරියට පරෆෝර්ම් කරන්න පුලුවන් වුනේ. මගේ රසිකයො පවුලෙ කෙනෙක් වගේ මාව ඉස්සරහින් තියලා එයාලා සතුටු වෙනවා. එයාලගෙ ආදරේට මම ආදරෙයි.”

මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පිනී දුෂේනි මියුරංගි අදහස් දක්වලා තිබුණේ.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: මගේ කාර්යබහුලත්වය නිසා මට දැන් නිදා ගන්නවත් වෙලාවක් නෑ Rating: 5 Reviewed By: webgossip24.com