728x90 AdSpace

උණුසුම් පුවත්.....
Sunday, March 12, 2023

අපි දෙන්නා යාලුවෙලා ඉන්න කාලේ ඉදලා පාවිච්චි කරන්නේ එකම දත් බුරුසුව - තීක්ෂණ


සිරස සුපර් ස්ටාර් හී අවසන් 10 දෙනා අතරට තේරී පත් වුණු ඔහු අද වන විට ජනප්‍රිය ගායන ශිල්පී තීක්ෂණ අනුරාධ. ඔහුගේ ගීත හරහා මේ වන විට තීක්ෂණ බොහෝ රසික ආදරයක් ලබනවා. ඉතින් තීක්ෂණ අනුරාධගේ ගීත අතර කවුරුත් ආදරේ කරන ගීත විදියට සද රේණු ගලන, සායම් කිරිල්ලී, ඔබ තරම්, දන්නවද මේ ඇස්, ආයෙත් හඩන්න වැනි ගීත වලට කවුරුත් ආදරේ කරනවා.

ඉතින් තීක්ෂණ අනුරාධ විවාහ වෙලා ඉන්නේ අනුරාධිකා සමගින්. ඔහු මේ වන විට දරුවන් දෙදෙනෙකුගේ පියෙක්. තීක්ෂණට මුලින්ම අනුරාධිකාව මුණ ගැහිලා තියෙන්නේ විහාර මහා දේවී පාක් එකේදී. මුලින් යාලුවෝ වගේ ඉදලා පසුව ආදර කතාවක් පටන් ගන්න තීක්ශණට සහ අනුරාධිකාට ඔවුන්ගේ ආදර කතාවට නිවසින් විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදු වෙනවා.

ඉතින් පොරොන්දම් හරියට නොගැලපුනත් දෙන්නා හොදින් තේරුම් අරන් ඉදිරියට ජීවිතය ගෙන යෑම තමයි ඔවුන් දෙදෙනා කරලා තියෙන්නේ. ඉතින් තීක්ෂණ සහ අනුරාධා ගැන ගොඩක් දෙනෙක් නොදන්න දෙයක් ඔවුන් එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී කියලා තිබුණේ මේ විදියටයි.

” අපි දෙන්නා යාලු වුන කාලේ ඉදලා අද වෙන තුරුත් පාවිච්චි කරන්නේ එක දත් බුරුසුව. අනුරාධිකා හිතන්නේ අපිදෙන්නා දැන් එක්කෙනෙක් කියලා. ඒ නිසා එක ටූත් බ්‍රශ් එකයි එක ටවල් එකයි තමයි අපි පාවිච්චි කරන්නේ. මාසයක් විතර එක බ්‍රෂ් එකක් පාවිච්චිකරනවා. ආයේ අලුත් එක්ක ගන්නවා.”

මේ විදියටයි ජනප්‍රිය ගායක තීක්ෂණ අනුරාධ ඔහුගේ අදහස් දක්වලා තිබුණේ.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: අපි දෙන්නා යාලුවෙලා ඉන්න කාලේ ඉදලා පාවිච්චි කරන්නේ එකම දත් බුරුසුව - තීක්ෂණ Rating: 5 Reviewed By: webgossip24.com