728x90 AdSpace

උණුසුම් පුවත්.....
Thursday, March 9, 2023

පරිප්පු පීරිසියයි පාන් බාගයයි 130ට පාලන මිලක් - කොත්තු රොටියත් ගණන් අඩු කරයි - කේක් කිලොවක් 100 අඩු කරයි


 පාන් භාගයයි පරිප්පු පීරිසියේ මිල අද (09)මධයම රෑ සිට රුපියල් 130දක්වා අඩු කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා කීවේය.

ඇල්පිටිය පොරවගම ආපනශාලා හිමියන්ගේ සංගමයේ මූලස්ථානයේ පැවති මාධය හමුවකදී අසේල මහතා මේ බව කීවේය.

ඒ අනුව හෙට (10)උදේ සිට ආපනශාලාවලින් පරිප්පු පීරිසියයි පාන් භාගයයි රුපියල් 130 මිලකට ලබා ගත හැකි බවද අසේල මහතා කීය.

පරිප්පු මිල හා පාන් පිටි මිල පහත දැමීමේ වාසිය පාරිභෝගිකයින්ට ලබාදීම සදහා මේ පියවර ගත් බවද අසේල මහතා කීවේය.

මෙතෙක් කලක් පරිප්පු පීරිසියයි පාන් භාගයයි රුපියල් එකසීය අසූව දක්වා මිලකට ඉහල ගොස් තිබූ බවත් පාන් පිටි ඇතුළු අනෙක් පාරිභෝගික ද්‍රව්‍යවල මිල පහත දමා ඇති බැවින් ඉදිරියේදී කොත්තුවේ මිලත් අඩු කිරීමට පියවර ගන්නා බවද අසේල මහතා කීය. තිරිඟු පිටි මිල අඩු කිරීමත් සමග අද(09) දින සිට කේක් මිල ද අඩු කරන බව හැටන් ප්‍රදේශයේ බේකරි හිමියන් පවසයි.

ඒ අනුව කේක් කිලෝවක මිල රු 100 කින් අඩු වන බව ඔවුන් සඳහන් කරයි.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: පරිප්පු පීරිසියයි පාන් බාගයයි 130ට පාලන මිලක් - කොත්තු රොටියත් ගණන් අඩු කරයි - කේක් කිලොවක් 100 අඩු කරයි Rating: 5 Reviewed By: webgossip24.com