728x90 AdSpace

උණුසුම් පුවත්.....
Thursday, March 23, 2023

අත් කපාගෙන ගිය සැකකරු අවසානයේ කල දේ මෙන්න - මීට කලිනුත් තවත් අයෙකුගේ අත් කපලා


 අමානුෂික ලෙස තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකුගේ අත්දෙක කපා රැගෙන ගිය පුද්ගලයා අද අධිකරණය වෙත භාරවී තිබේ.

අප වාර්තාකරු පැවසුවේ සැකකරු නීතිඥයෙකු මාර්ගයෙන් මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාර වූ බවය.

සැකකරු විසින් පසුගිය 21 වනදා මොරටුව, කොරලවැල්ල ප්‍රදේශයේදී පෞද්ගලික ආරවුලකින් පසු පළිගැනීම සඳහා මෙලෙස අදාළ පුද්ගලයාගේ අත්දෙක කපා රැගෙන ගොස් තිබුණි.

එම පහරදීමෙන් අනතුරුව පහර කෑමට ලක්වූ පුද්ගලයාගේ දෙඅත් මැණික් කටුව ප්‍රදේශයෙන් කපා ඉවත්කොට රැගෙන ගොස් තිබේ.

මෙම පහරදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා අවුරුදු 40ක එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.

ඔහු මීට පෙර ද පුද්ගලයෙකුගේ අතක් වෙන් වනසේ කපා දැමුව ද එය පසුව රෝහලේදී බද්ද කිරීම හේතුවෙන් මෙම පුද්ගලයාගේ දෙඅත් කපා එම කොටස් රැගෙන ගොස් ඇති බවට පොලීසිය සැකකරයි.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: අත් කපාගෙන ගිය සැකකරු අවසානයේ කල දේ මෙන්න - මීට කලිනුත් තවත් අයෙකුගේ අත් කපලා Rating: 5 Reviewed By: webgossip24.com