මහනුවර අනිවත්ත හංසවිලා නැමැති නිවසේ පවත්වාගෙන ගිය ගණිකා මඩමක් සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට එම නිවසේ හිමිකාරිය බවට සැකකෙරෙන ජනප්‍රිය නිළි සනෝජා බිබිලේව මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය වෙත ඊයේ කැදවා තිබුනා.
එම ඒකකයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත නිවස වැටලූ අවස්ථාවේ එහි සිටි ගණිකා වෘත්තියේ යෙදුණු බව කියන කාන්තාවන් 4ක් සහ එම ව්‍යාපාරය මෙහෙය වූ බව කියන පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
මේ ස්ථානය බොහෝ කාලයක සිට ගණිකා සේවනයට පහසුකම් ලබා දෙන ස්ථානයක් බවට ප්‍රදේශයේ මහත් ප්‍රසිද්ධියක් ලබා ඇත.
ප්‍රසිද්ධියේ දැන්වීම් පුවරු පවා සවිකර සම්භාවන සේවා ලබා දෙන මුවාවෙන් මේ ජාවාරම කරගෙන ගොස් ඇති බවයි පොලිසිය වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ.
මෙම නිවසේ විදුලි බිල්පත නිළි සනෝජා බිබිලේගේ නමට ඇති බවට හෙළිවීමෙන් පසුව ඇයගෙන් ප්‍රකාශයක් ගැනීමට පොලිසිය තීරණය කර ඇති බව වාර්තා වේ.
0 comments:
Post a Comment