728x90 AdSpace

උණුසුම් පුවත්.....
Sunday, March 19, 2023

මචං මේ තරම් මිනිස්සු ගොඩාක් Accident එකකට මේ Hospital එකට කවදාවත් ඇවිල්ලා තියා මම දැකලත් නැහැ මෙතැන


ජීවිතේ කියන්නෙම අවිනිශ්චිත ගමනක්.

අපි ආදරේ කරන, අපේ ආත්මයම වුණු මිනිස්සු ක්ෂණයකින් අපෙන් ඈතට යන්න පුළුවන්.

හීන හුඟක් අතරමඟ දාලා, තමන්ට පණ ඇරපු උන්ව අඬවලා එහෙම නොහිතපු මොහොතක යන්නෙ කොහොමද ? දෛවය ඒ තරම් ම නපුරුයිද?

ඔහු රවිඳු සහන්.

ඔහුට දිවි අහිමි වෙන්නෙ දුම්රිය අනතුරකින්.

දුම්රියේ ගැටී මොහොතකින් පසෙකට විසිවී සිදුවූ අනතුර ඔහුගේ ආත්මයම මෙහෙන් අරන් යනවා.

පෞද්ගලික ආයතනයක රැකියාවේ නියුතු රවිඳු සහන් 25 හැවිරිදි තරුණයෙක්.

විවාහකයෙක් වන රවිඳුගේ අකල් මරණය මේ වනවිට මුළු සමාජ මාධ්‍ය තුළම දැඩි කතා බහකට ලක්ව ඇති අයුරු එහි ප්‍රවිෂ්ට වෙන ඕනෑම අයෙකුට දැක ගත හැයි.

කළුබෝවිල ප්‍රදේශයේ පදිංචි රවිඳුගේ අවසන් කටයුතු හෙට (20) කොහුවල පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතයි.

රවිඳු කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ආදි සිසුවෙකු ද වෙනවා.

රවිඳු වෙනුවෙන් මුහුණුපොතේ මිතුරන් තැබූ සටහන් කිහිපයක් පහතින්,

“එක මෙහොතක්, එක තත්පරයක් ඇති අපි මේ ගෙවන මුළු ජීවිතය ම වෙනස් වෙන්න. හමුවෙන හැම ජීවිතයක් ම අපි ළඟ නතර වෙන්නැ කවදාවත් ම.
බෙන්ටා ආයෙ ආත්මෙක අපි කොහෙදි හරි සෙට්වෙමු!
එකම ඉස්කෝලෙක එකම පන්තියක ආයෙත් අපි එකට ම
ඉගෙන ගමු!
සුභ ගමන් බෙන්ටා උඹට!…”

“ඉන්න තැනක සතුටින් ඉදපන් වේල්ස් උබට ආදරෙයි බං. අමතක වෙන්නෙ නම් නෑ උබව කවදාවත්. “

“අඩෝ හිතාගන්න බැ රවියා..අපිට තවත් සහොදරයේක් වගේ යාලුවේක්. හිටිය .මේවැනි අකල් මරණ කිසිම කෙනෙක් ට සිදුවෙන්න නරකයි. . ඉන්න තැ 

මේ තවත් සටහනක්......

ජීවිතය හරිම පුදුමාකාරයි...

එකම ජීවිතේ විවිධ කාර්තු අපි නොහිතන විදිහට යි සිද්ධ වෙන්නේ.

ප්‍රියෙහි විප්පයෝගො දුක්කෝ

ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි 

Ravindu Sahan සුබ ගමන් මිත්‍රයා

 "මචං මේ තරම් මිනිස්සු ගොඩාක් Accident එකකට මේ Hospital එකට කවදාවත් ඇවිල්ලා තියා මම දැකලත් නැහැ මෙතැන"

එහෙම කිව්වේ කළුබෝවිල රෝහලේ රෝහල් සේවයෙක්..

වෙලාව: රෑ 11.30 ට විතර ඇති___

හැමෝම කලබලයෙන් එහෙ මෙහේ දුවනවා.

ගොඩාක් අය බලන් ඉන්නවා ...

එකපාරටම trolley එකක මැශින් ගොඩාක් එක්ක කොළඹ මහා රෝහලට මාරු කරන්න 

Accident වෙච්ච කෙනාව ගේනවා මං දැක්කා.

ඔහුගේ බිරිදට නම් ක්ලාන්තයක් හැදුනා..

අම්මා තාත්තා යාලුවො අඩනවා.

කීප වතාවක්ම එයාව Ambulance එක ඇතුළටත් එළියටත් දානවා ගන්නවා 

හැමෝම බලන් ඉන්නවා ගල් ගැහිලා.

"මචං ඌ නම් දරාගෙන ඉන්නේ උගේ හයියට 

අපි නම් ගන්න දෙයක් නැහැ .එහෙම කිව්වේත් රෝහල් සේවකයෙක්.හැබැයි හිත හොද මනුස්සයෙක්.ජීවිතේ මිනිස්සු හම්බ කරපු මනුස්සයෙක් කියනවත් ඇහුණා.

මොකක්ම හරි වෙලා කියලා නම් තේරුණාට 

ඒත් හරියටම දැන ගත්තේ එතැන ඉදපු 

මගේ යාලුවෙක්ගෙන්.

train 🚆 Accident එකක් කියලා තමයි එයා කිව්වේ.

එතැන ඉදපු ගොඩාක් අය කළබල වෙලා හිටියේ.

ඒත් රෝහල් සේවකයින් හිත හැදුවා 

උඹලා බය වෙන්න එපා

පුළුවන් Surgery ඔක්කොම අපි කලා..

කොළඹ මහා රෝහලින් මේක කලාම

අනිවාර්යයෙන්ම කොල්ලා ගොඩ කියලා..

ඉතින් ටික වෙලාවකින් Ambulance එකකින් 

ඔහුව අරන් ගියා.

යාලුවො හැමෝම මැලවුනු මුහුණෙන් බලාපොරොත්තු තියන් යන්න ගියා කොළඹ මහා රෝහලට.

මේ වෙනකොට වෙලාව 1.50 ට විතර ඇති.

මේ වෙලාවේ රෝහලේ මේ කළබල

මං ඇස් දෙකින්ම දැක්කා..😔

මං අහලා තිබුණා 

හිත හොද මිනිස්සු ඉක්මනින් 

යන්න යනවා කියලා

ඔව් ඒක ඇත්තක් වෙලා තිබුණා ...😔

මොකද ඔහු අද ඒ ආදරණිය බිරිද,අම්මා ,තාත්තා ,යාලුවො ,හැමෝම දලා යන්න ගිහිල්ලා කියලා පෝස්ට් දාලා තියෙනවා දැක්කා..

ප්‍රාර්ථනා කරනවා මෙවැනි දෙයක් කිසිම ආත්මයක ඔහුට නෙමෙයි කිසිවෙකුටත් වෙන්න එපා..

අල්ල ගන්ත පුංචි බැදීමක් වත් අතහරින්න අපි හරිම ලෝභයි.

ඉතින් මේ අම්මයි ,තාත්තායි,බිරිදයි,යාලුවොයි

කොහොම දරා ගන්නද? 🥺

අනේ ඔවුන්ට දරා ගන්නට ශක්තිය ලැබේවා..🥺🙏

ඔබට උතුම් නිර්වාන සුවය ප්‍රාර්ථනා කරනවා!

(මම පුද්ගලිකව දන්නේ නැහැ ඒත් ඊයේ මගේ ඇස් දෙකෙන්ම දැක්කම ඒක මට නොලියා ඉන්න හිත දුන්නෙත් නැහැ)

පවනි විජේවර්ධන ✍️



  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: මචං මේ තරම් මිනිස්සු ගොඩාක් Accident එකකට මේ Hospital එකට කවදාවත් ඇවිල්ලා තියා මම දැකලත් නැහැ මෙතැන Rating: 5 Reviewed By: webgossip24.com