728x90 AdSpace

උණුසුම් පුවත්.....
Saturday, March 11, 2023

රට යන්න ගිය මහින්දානන්ද ගුවන්තොටුපළේදී හරවා යවයි - රාජකාරි කල නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් වෙයි


 විදේශගත වීම සඳහා 10 දින රාත‍්‍රියේ කටුනායක ගුවන් තොටුපළට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා විදේශ ගත වීම වැළැක්වීමට ආගමන විගමන පාලක නිලධාරීන් කටයුතු කර තිබේ.

අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් පනවා ඇතැයි පවසමින් ඔහුගේ විදෙස් ගමන අවලංගු කර ඇත.

නමුත් මන්ත්‍රීවරයා පවසා ඇත්තේ තමන්ට එරෙහිව විදෙස් ගමන් තහනමක් අධිකරණය විසින් පනවා නැති බවයි.

මේ පිළිබඳව මන්ත්‍රීවරයා විසින් ආගමන විගමන පාලකවරයා ව දැනුවත් කර ඇති අතර සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් මේ වන විටත් ආරම්භ කර තිබේ.

දත්ත පද්ධතියේ දෝෂයක් හේතුවෙන් මෙවන් වරදක් වන්නට ඉඩ ඇතැයි මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇති බවත් තවදුරටත් කරුණු අනාවරණය කර ගැනීමට පරීක්ෂණ සිදුකරන බවත් ආගමන විගමන පාලකවරයා පැවසීය.

පරීක්ෂණයෙන් නිමාවන තෙක් සිදු වීම හා සම්බන්ධ නිලධාරින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට ද කටයුතු කර තිබේ.

මේ අතර දත්ත පද්ධතිය නිවැරදි කිරීමෙන් පසු මහින්දානන්ද අලුත්ගමගේ මහතාට විදේශගතවීම සඳහා අද දිනයේ අවසර ලබාදී තිබේ.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: රට යන්න ගිය මහින්දානන්ද ගුවන්තොටුපළේදී හරවා යවයි - රාජකාරි කල නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් වෙයි Rating: 5 Reviewed By: webgossip24.com