728x90 AdSpace

උණුසුම් පුවත්.....
Wednesday, March 22, 2023

දෙඅත් වෙන් වෙන්න කපා ඒවාත් අරගෙන යයි - විදුලි කාර්මිකයාට අහස පොළොව නොඋසුලන අපරාධය


  මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේ විදුලි කාර්මිකයෙකුගේ අත්දෙක වෙන් වෙන්න  කඩුවකින් කපා එය නැවත බද්ධ කිරීමටවත් ඉඩ නොතබා සැකකරු විසින් ඊයේ (21) රැගෙන ගොස් ඇතැයි මොරටුව පොලිසිය කියයි.

මෙම කැපුම් තුවාල ලබා ඇත්තේ මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන් කරන පොලිසිය  පහර දීමට ලක් වූ සැනින් ප්‍රදේශවාසීන් වෙතින් 1990 ගිලන් රථ සේවාවන් ඔස්සේ තුවාලකරු පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පැවසීය.

 ඒ සම්බන්ධයෙන් තුවාලකරුගේ නිවැසියන්ගෙන් මොරටු පොලිසියට ලැබුණු පැමිණිල්ලට අනුව විමර්ශන ආරම්භ කොට ඇති අතර වැලමිට ලගින් වෙන් වෙන්න කැපු විදුලි කාර්මිකයාගේ අත්දෙක සැකකරු විසින් රැගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.

තමාට පහරදුන් සැකකරු පිළිබඳ තොරතුරු  තුවාලකරු විසින් ලබා දී ඇති අතර ඔහු සිද්ධිය වූ වහාම ප්‍රදේශයෙන් පලා ගොස් ඇතැයි පොලීසිය පැවසී ය.

 ප්‍රදේශ්යෙන් පළා ගිය සැකකරු සහ කපා වෙන්කොට ගෙන ගිය අත් දෙක සොයා පොලිස් විමර්ශන ආරම්භ කොට ඇතැයි පොලිසිය පවසයි.

රෝහල් ආරංචි මාර්ග පවසන ආකාරයට කපා වෙන් කරනු ලැබු අත් දෙක තිබුණේ නම් එය තුවාලකරුට බද්ධ කිරීමට හැකියාව පැවතුණු බව ද සෞඛ්‍ය අංශ පවසයි.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: දෙඅත් වෙන් වෙන්න කපා ඒවාත් අරගෙන යයි - විදුලි කාර්මිකයාට අහස පොළොව නොඋසුලන අපරාධය Rating: 5 Reviewed By: webgossip24.com