728x90 AdSpace

උණුසුම් පුවත්.....
Thursday, March 23, 2023

රංග ශිල්පී ජයතිලක හේරත් මහතා අභාවප්‍රාප්ත වෙයි


 ප්‍රවීණ කලා ශිල්පී ජයතිලක හේරත් මහතා අද උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා අවුරුදු 45ක් පුරාවට සිනමාව,රුපවාහිනිය හා වේදිකාව යන ත්‍රිත්වයේම රංගනයෙන් විකුම් පෑ මෙම කලාකරුවා ආධුනික ශිල්පින් ගණනාවකගේ ගුරුවරයා බවට පත්ව සිටියා.
 ජයතිලක හේරත් මීට කලකට ඉහත කලා ලෝකයේ රස කතා හෙලිකලේ මෙහෙමයි

ඇත්ත කට්ටඩියා ඇත්තටම මතුරලා

ලකී ඩයස් මහතාගේ මිරිඟුවෙන් එහා ටෙලි නාට්‍යයේ කට්ටඩියෙකුගේ චරිතයක් කරන්න මට අවස්ථාව ලැබුණා.

මගේ වැඩවලට පහසු වෙන්න මගේ සගයාට ඇත්තම ඇත්ත කට්ටඩියෙකුත් නාට්‍ය කණ්ඩායම ගෙනල්ලා තිබුණා. මට කට්ටඩියෙකු සේ වෙස් ගැන්නුවාට පස්සේ ඇත්තටම කට්ටඩියටත් මම රඟපාන කෙනෙක් කියලා අඳුර ගන්න බැරි වුණා. ඒ පුද්ගලයට මෙතන කෙරෙන කාර්යය ගැනත් එච්චර අවබෝධයක් තිබුණේ නැහැ. කොහොම හරි ලකී ඩයස් මහතාගේ විධානයෙන් දර්ශනය රූපගත කිරීම් ආරම්භ කළා. දැන් ඇත්තටම කට්ටඩියා සහ මම මන්තර කියමින් රඟපෑම ආරම්භ කළා. ටික වෙලාවකින් ලකී මහත්තයා කට් කට් කියමින් දර්ශනය අවලංගු කළා. ඊට පස්සේ ලකී මහත්තයා අපි ළඟට ඇවිල්ලා පැහැදිලි කිරීමක් කළා. මෙතන කරන්නේ නාට්‍යයක්. ඒක නිසා ඇත්ත මන්තර කියන්න ඕන නැහැ කියලා නැවතත් දර්ශනය පටන් ගත්තා.

කොහොම හරි අර පුද්ගලයා මන්තර කියමින් පුහුල කපන්නට කටයුතු කළා. කොහොම හරි දර්ශනය අවසාන වෙන්නත් කලින්ම එක පාරටම මම සිහි මුර්ජා වෙලා වැටිලා. මං හිතන්නේ ඔහු පසුව දැනගෙන තිබෙනවා මම ඇත්ත කට්ටඩියෙක් නොවන බව මගේ ගෝලයා විදියට රඟපාන එක ඔහුට මදි පුංචි කමක් නිසා තමයි මං හිතන්නේ ඇත්තටම මතුරලා ඔහුගේ බලය පෙන්නුවේ.

පන්සලේදී හමුවෙලා සෙත්ශාන්තියකට කතාකරලා

මේක මිරිඟුවක් එහා ටෙලි නාට්‍ය විකාශනය වන කාලේ සිදුවුණු සිදුවීමක්. කට්ටඩියා චරිතය ඒ කාලේ බොහෝ ජනප්‍රිය වුණා. එක දවසක් පෝය දවසක මම කැලණි පන්සල වන්දනා කරන්න ගියා. මම බෝධිය ළඟ වන්දනා කර කර ඉන්න කොට මගේ එහා පැත්තේ ඉදපු මනුස්සයා මගෙන් ඇහුවා මහත්තයා උදවුවක් කරන්න පුලුවන්ද? කියලා. මං හිතුවා සල්ලි කීයක් හරි ඉල්ලනවා ඇති කියලා. ඊට පස්සේ ඔහු කියනවා මගේ දුවට තනිකං දෝෂයක් තියෙනවා. අපේ ගෙදර ඇවිත් ඇප නූලක් බැඳලා දෙන්න කියලා. මට ඒ ගැන කනගාටුවක් ඇති වුණත් මං ඔහුට තේරුම් කරලා දුන්නා මං ඇත්ත කට්ටඩියෙක් නොවෙන බව. ඒත් ඔහු ඒ ගැන තේරුම් ගන්නෙම නැහැ. ඔහු කියනවා මහත්තයා ඊයේ රෑ ටී.වී එකේ ආතුරයෙකුට හොඳ සෙත් ශාන්තියක් කළේ කියලා. මං ඉතින් ඒක රඟපෑමක් විතරයි මට ඇත්තටම මැතිරීම් කරන්න බැහැ කියලා ඔහුට තේරුම් කරලා දුන්නා. පස්සේ ඔහු මාව කඩේකට එක්ක ගිහින් තේ පැන් සංග්‍රහයක් පැවැත්තුවා.

ගුටි ඇනපු සීන් එකෙන් පස්සේ නැවතුණේ ඉස්පිරිතාලේ

මං කෝපි කඩේ කොටස් 50 ඉඳන් තමයි රංගනයෙන් දායක වුණේ. ඒ කාලේ කෝපි කඩේ ඉතාම ජනප්‍රිය කාලයක්. දවසක් මට ලාල් සේනාධීර ගජං සිරිසේන ඩිංගි මහත්තයා වගේ අයත් එක්ක තමයි රඟපාන්න තිබුණේ. මම ගමට කුඩු ගේන නිසා ගජං රත්නේගේ කණ්ඩායම මට ගහක බැඳලා පහර දෙනවා. කොහොම හරි ඒ වෙලාවේ මගේ කකුලේ ඇත්තටම තුවාලයක් තිබුණු නිසා මං ඒ අයට කිවුවා ගහනකොට පොඩ්ඩක් හිමින් ගහන්න කියලා. කොහොම හරි අධ්‍යක්ෂවරයා ඇක්සන් කිවුවාට පස්සේ දර්ශනය ආරම්භ වුණා. ඒ අයට රංගනයෙන් තියෙන තාත්වික තාවය නිසා මං කියපු දේත් අමතක වුණා ඇත්තටම ඒ අය මට පහර දුන්නා. ඇත්තටම කිවුවොත් ඒ දර්ශනයෙන් පස්සේ මං කෙලින්ම ගිහින් නැවතුනේ ඉස්පිරිතාලේ.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: රංග ශිල්පී ජයතිලක හේරත් මහතා අභාවප්‍රාප්ත වෙයි Rating: 5 Reviewed By: webgossip24.com