728x90 AdSpace

උණුසුම් පුවත්.....
Friday, March 10, 2023

පියා කොරියාවේ - කුඩාම්මාගේ පැටිකිරිය සාමාජ මාධයට - මේ අහිංසක දරුවාට සාධාරණයක් ඉටුවෙන්න ඕනා - විඩියෝ

 


රාගම ප්‍රදේශයේ කාන්තාවක් ගැහැනු ළමයෙකුට අමානුෂික ලෙස පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.

මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ රාගම පොලීසිය ඊයේ රාගම රෝහලට ඇතුළත් කර ඇය මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබයි.

පොලීසිය පැවසුවේ 17 හැවිරිදි වියේ පසුවන මෙම දැරියගේ මව මිය ගොස් ඇති අතර ඉන් පසු පියා තවත් විවාහයක් කරගෙන ඇතැයි පොලිසිය පවසයි.

එම විවාහයෙන් සැකකාර කාන්තාවට අවුරුදු නවයක් වයසැති ගැහැණුදරුවකු සිටින බවද පොලිසිය සඳහන් කරයි.

දහහත් හැවිරිදි මෙම දැරිය ගේ පියා වසර ගණනාවක සිට කොරියාවේ රැකියාවක නිරතව සිටී රාගම කුරුකුලාව ප්‍රදේශයේ නිවසක සිටින බාල වයස්කාර දැරියක්ව ද හිංසා වලට ලක් වන බවට රාගම පොලීසියට තොරතුරක් ලැබී ඇත.

අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ළමයා අද ඉදිරිපත් කර අධිකරණ නියෝගයක් ලබාගැනීමෙන් පසු පහරදෙන කාන්තාව සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලිසිය පැවසීය.

වින්දිත දැරියගේ පියා විදේශගතව සිට නිවසේ සවි කර තිබෙන සීසීටීවී කැමරා වල  දර්ශන සිය ජංගම දුරකථනය ඔස්සේ ලබාගෙන ඔහු විසින් මුහුණු පොත ඔස්සේ  දැරියට පහරදෙන මෙම වීඩියෝව මුදා හැර ඇති බවට පොලිස් විමර්ශනවලින් කරුණු අනාවරණය වී ඇතැයි පොලිසිය සඳහන් කරයි. 

දැරියගේ පියා සහ කුඩම්මා අතර යම් විරසකයක් තිබීම හේතුවෙන් මෙම වීඩියෝව මෙසේ සමාජ මාධ්යට මුදාහැරිය ඇති බවට  පොලිසිය සැක කරයි.සාමාජ මාධය ඔස්සේ මේ ගැන වාර්තා වූ වීඩියෝව පහතින් නරඹන්න.

මේ ගැහැනු ලමයගේ කුඩම්ම කියන ගෑනිලු මේ 😡 මේ ලමයගේ තාත්ත ඉන්නවා කියන්නේ කොරියාවෙලු මේ ගෑනිට තියෙන බයට මේ ලමයා පොලීසියට දෙන කට උත්තර පවා වෙනස් කරලලු ගෑනිට ඕන විදියට 

මේ දේ දැක්කම මට හිතුනේ මේ ගෑනිට මොකද්ද කරන්න ඕන මොන වගේ දඩුවමක්ද දෙන්න ඕන කියලා..මහ උන්ගේ තියෙන අමාරු වලට මේ අහින්සක ලමයි පලි නෑ..අනිවාර්‍යෙන් මේ ගෑනිට දෙන්න තියෙන උපරිම දඩුවම් දෙන්න ඕන(රාගම පොලීසියෙන් කිසිම සාදාරනයක් වෙන පාටක් නෑලු,ලමයට ගෑනි තර්ජනය කරනවලු ගෑනිට විරුද්දව කටඋත්තර දෙන්න එපා එහෙම කරොත් ලමයව මරනවා කියලයත්..)අදාල බලදාරීන්ගෙ ඇස් ඇරේවා..

Weerapperuma-korea පිටුවෙන්

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: පියා කොරියාවේ - කුඩාම්මාගේ පැටිකිරිය සාමාජ මාධයට - මේ අහිංසක දරුවාට සාධාරණයක් ඉටුවෙන්න ඕනා - විඩියෝ Rating: 5 Reviewed By: webgossip24.com