728x90 AdSpace

උණුසුම් පුවත්.....
Saturday, March 18, 2023

ධාවනය වෙමින් තිබූ දුම්රියක් නතර කිරීමට උත්සහ කළ පුද්ගලයෙක් එහි ගැටී බරපතළ තුවාල ලබයි


කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රිය නතර කිරීමට උත්සහ කළ පුද්ගලයෙකු එම දුම්රියේ ගැටී බරපතළ තුවාල ලබා දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි හැටන් පොලිසිය පවසයි.

අද (මාර්තු 18) පස්වරු 1.00ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ, රොසැල්ල සහ හැටන් දුම්රිය ස්ථාන දෙක අතර, හැටන්, මල්ලිඅප්පුව ප්‍රදේශයේදී ය.

මීට සිව්දිනකට ප්‍රථම නිවසේ ඇති වූයේ යැයි කියන ආරවුලක් හේතුවෙන් උරණ වූ තුවාලකරු අධික ලෙස බබෙමත්ව දුම්රිය මාර්ගයේ මැදට වී ධාවනය වෙමින් තිබුණු දුම්රිය නතර කිරීමට උත්සහ කළ අවස්ථාවේ මෙලෙස එහි ගැටී ඇත.

41 හැවිරිදි එම පුද්ගලයා දුම්රියේ ගැටී විසි වී බරපතළ තුවාල ලබා ඇති අතර ඔහු එම දුම්රියෙන් ම හැටන් දුම්රිය ස්ථානය වෙත රැගෙනවිත් භාර දීමට එම දුම්රියේ ආරක්ෂක අංශයේ නිලධාරීන් පියවර ගෙන තිබේ.

ආදාළ පුද්ගලයා හැටන්, දික්ඔය, පොඩයිස් වතුයායේ පදිංචිකරුවෙකු බවට හැටන් පොලිසිය විසින් කරන ලද මූලික පරීක්ෂණවලදි අනාවරණය වී ඇත.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: ධාවනය වෙමින් තිබූ දුම්රියක් නතර කිරීමට උත්සහ කළ පුද්ගලයෙක් එහි ගැටී බරපතළ තුවාල ලබයි Rating: 5 Reviewed By: webgossip24.com