728x90 AdSpace

උණුසුම් පුවත්.....
Friday, March 10, 2023

ක්ෂේත්‍රයේ කොටටම ඇඳුම් විලාසිතා කරපු රංගන ශිල්පිනියන්ගෙන් එක්කෙනෙක් තමයි මම - අංජුලා


 අංජුලා රාජපක්ෂ කියන්නේ සුරූපී දක්ෂ රංගන ශිල්පිනියක්. ඉතින් මේ දවස් වල අලුත්ම තොරතුරු මේ විදිහට පැවසුවා.“රඟපෑම් කටයුතු කිහිපයකටම සහභාගි වෙලා ඉන්නවා මේ දිනවල. ඊට අමතරව පුංචි පුතත් එක්කත් සතුටින් කාලය ගත කරනවා. එයාට දැන් අවුරුද්දයි මාස කීපයක් වෙනවා.”

ඉතින් හැමදාමත් ලස්සනට විලාසිතා කරන ඇය ඒ ගැනත් මේ විදිහට පැවසුවා. “මම හරිම ආසයි හැමදාම ලස්සනට ඉන්න. අදටත් සමහර අය දන්නේ නැහැ මම විවාහ වෙලා දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් කියලා. මොකද මම තෝරා ගන්නා විලාසිතාත්,මගේ ඇඟේ හැඩයත්, ඇඟේ ප්‍රමාණය අනුව මම හැමදාම තරුණ විදිහට ඉන්නවා.මම හිතන්නේ විලාසිතා කියන්නේ කලාවක්. එක තැන පල් නොවෙන පරණ දේවල් අලු‍ත් වෙවී එන මහ අමුතුම කලාවක් තමයි විලාසිතා කියන්නේ. 

අනිත් දේ තමයි විලාසිතා කියන්නේ ඇඳුම් විතරක්ම නෙවෙයි. ඒක පැකේජ් එකක්. අඳින ඇඳුම ,දාන සපත්තු වගේම පළදින අත් බෑග්, අත් ඔරලෝසු, ආභරණ විතරක් නෙමෙයි හෙයාස් ස්ටයිල් එක, මේකප් එක පවා ඒ පැකේජ් එකට ඇතුලත් වෙනවා.ක්ෂේත්‍රයේ කොටටම ඇඳුම් විලාසිතා කරපු රංගන ශිල්පිනියන්ගෙන් එක්කෙනෙක් තමයි මම. ඒ වගේම කාලයෙන් කාලයට කොණ්ඩ විලාසිතා වගේම කොණ්ඩය වර්ණ ගැල්විමත් මම සිදු කළා ….

 කෙලින්ම කියනවා නම් මට ආසම විලාසිතා බය නැතුව කරපු කෙනෙක් මම.ඇඳුමක් ඇඳලා අපහසුතාවයෙන්, අමාරුවෙන් ඉන්න මම කැමති නැහැ .ඒ වගේමයි මොන තරම් ලස්සන විලාසිතාවක් වුණත් අනිත් අයගේ හිනාවට ලක් වෙනවා නම් එවැනි විලාසිතා කරන්නෙත් නැහැ. හැමතිස්සෙම අපි අපේ වයසට ගැලපෙන විලාසිතා තෝරා ගත යුතුයි කියන දේ නිතරම හිතනවා. තරුණ අවධියේදී කොටට ශරීරය නිරාවරණය වන විදිහට විලාසිතා තෝරා ගත්තත් අද වන විට මවක්, බිරිඳක් විදිහට නිතරම තෝරා ගැනෙන්නේ ශරීරය හොඳින් ආවරණය වන විලාසිතා.ඇත්තම කියනවා නම් වයසත් එක්ක විලාසිතා කරන්න තියෙන ආසාවලු‍ත් වෙනස් වෙනවා.මම විලාසිතා කිරීමේ දී වැඩිපුර ම තෝරා ගන්නේ ලා පාටවල්. උත්සව අවස්ථාවකට, විශේෂ අවස්ථාවකට ඉන්දියානු සම්ප්‍රදායෙ විලාසිතා වගේම බටහිර පන්නයේ විලාසිතාත් තෝරා ගනු ලබනවා. 

සාමාන්‍ය ගමනට නම් මම ඩෙක් ෂූස් දෙකක් දාලා, ටී ෂර්ට් එකක් දාලා කලිසමක් අඳින තමයි වැඩිපුරම කැමති .මම හරි ආසයි ලිනන් විලාසිතා වලට.ඉස්සර නම් අඳින ඇඳුමේ පාටට කරාබු දෙක සපත්තු දෙක පවා ගළපන කාලයක් තිබුණා. 

නමුත් දැන් නම් එවැනි ගැළපීම් කොහෙත්ම කෙරෙන්නේ නැහැ දැන් බොහෝවිට සිම්පල් විදියට තමයි ෆැෂන් කෙරෙන්නේ ගොල්ඞ් ජුවලරි කිහිපයක් විතරයි පළදින්නෙ. සපත්තු අත් බෑග් තෝරා ගැනීම පවා සරල විදිහටමයි සිද්ධ වෙන්නේ.තමන්ගේ වයස ,ඇඟේ හැඩය ගැන සැලකිලිමත් නොවී විලාසිතා කිරීමට යාමෙන් බොහෝ කාන්තාවන් සමාජය ඉදිරියේ අපහසුතාවයට පත් වන බව දක්නට ලැබෙනවා.”

කොහොම වුනත් විලාසිතා කරන්න ගිහින් අපහසුතාවයට පත්වුණු අවස්ථා ගැනත් මේ විදිහට මතක් කළා. “වැඩිපුරම වෙලා තියෙන්නේ උස අඩි සපත්තු වල අඩිය ගැලවෙන එක. මීට අවුරුදු විස්සකට විතර ඉස්සරවෙලා වෙච්ච සිද්ධියකුත් මතකයේ තියෙනවා. 

ඒ තමයි බීච් රංගනයකදී මම ඇඳන් හිටපු ටියුබ් ඞ්රස් එක වතුරට පෙගිලා බර වැඩිවෙලා පහළට වැටුණු එක. ඒවාගේ මතක් කර කර හිනා වෙන්න පුළුවන් දේවල් නං ගොඩක් වෙලා තියෙනවා විලාසිතා කරන්න ගිහිල්ලා.”

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: ක්ෂේත්‍රයේ කොටටම ඇඳුම් විලාසිතා කරපු රංගන ශිල්පිනියන්ගෙන් එක්කෙනෙක් තමයි මම - අංජුලා Rating: 5 Reviewed By: webgossip24.com