728x90 AdSpace

උණුසුම් පුවත්.....
Tuesday, March 14, 2023

හැට දෙකේ එක්දරු මව අවු 34කට පසු පළමු පෙම්වතා හා එක්වී ඔහු තුරුලේ අවසන් ගමන යයි


 හැට දෙහැවිරිදි එක්දරු මවක වසර 34 කට පසුව සිය පළමු පෙම්වතා සමඟ විවාහ වී දින අටකට පසුව මියගොස් ඇතැයි රඹුක්කන පොලිසිය කියයි.  මෙලෙස මිය ගොස් ඇත්තේ රඹුක්කන ගබඩාව පාරේ අංක 46/06 ලිපිනයේ පදිංචිව සිටි ලුණුවිල ගෙදර බණ්ඩාර මැණිකේ නමැති කාන්තාවකි. 

ඇගේ උපන් ගම නාවලපිටිය ප්‍රදේශයේ වූ අතර වයස අවුරුදු 19 පමණ තරුණ කාලයේ දී ඇය නාවලපිටිය නගරයේ වෙළෙඳාම් කරමින් සිටි වයස අවුරුදු 24 ක් පමණ වූ තරුණයකු සමග ප්‍රේම සම්බන්ධතාවක් ඇති කරගෙන ඇත.
 
බෙන්තොට ප්‍රදේශයේ පදිංචි කරුවෙකුවූ ඔහු සමග විවාහ වන්නට ඇයට අවසර ලැබී නැතත් යුවළ විවාහ නොවී එකට ජීවත් වෙමින් සිට තිබේ. ඔවුනට දියණියකද උපත ලබා ඇති අතර  පෙම්වතාගේ වාසගම ද තබා තිබේ.

පසුව දැරියට වයස අවුරුදු 8 ක් පමණ වන අවස්ථාවේ දී මෙම පුද්ගලයා මව හා දියණිය හැර දමා බදුල්ල ප්‍රදේශයට ගොස් ඇති  බව පැවසේ. පසුව සොයා බැලීමේදී ඔහු වාහනයක් මිලට ගෙන කරවල වෙළෙඳාම් කරගෙන ජීවත් වෙමින් සිට ඇති අතර පවුල සමග සම්බන්ධයක් තිබී නැත.

මව දියණිය හදාවඩා පාසල් යවමින් සිටි බවත් පසු නාවලපිටියේ දී රඹුක්කන පුද්ගලයකු හඳුනාගෙන ඔහු දැරියගේ සුලු පියා වශයෙන් සලකා එකට ජීවත්වූ බවත් පැවසේ.

කාන්තාව එළ හරක්, කළුකුන් වැනි සතුන් ඇති කිරීම ජීවිකාව කරගෙන තිබුණි.  දියණියගේ විවාහයට කල වයස පැමිණි අවස්ථාවේ දී ඇය කොළඹ ප්‍රදේශයේ තරුණයකුට විවාහ කර දී ඇති අතර ඔහු ද මොවුන්ගේ රඹුක්කන නිවසේ නතර වී ඇති බවත් පොලිසිය කියයි.

මිනිපිරියන් තිදෙනෙක්ද මේ මවට දායාද විය.මෙකී කාන්තාව හා එකට වාසය කළ පුද්ගලයා පසුව මියගොස් ඇති අතර අනතුරුව මව යළි පළමු පෙම්වතාගේ දුරකතන අංකය අවුරුදු 34 කට පමණ පසුව සොයාගෙන කතා කර  මීට මාස පහකට පමණ ඉහත දී ඔහු යළි රඹුක්කන නිවසට ගෙන්වාගෙන තිබේ. ඒවනවිට ඔහුට වයස 67 කි. කාන්තාවට වයස 62 කි. 

මෙලෙස එකට වාසය කිරීමේදී ගැටලු පැනනැගී ඇති අතර දියණියගේ පියා පැමිණ සිටියත් ඔවුන්ගේ සබඳතාදුරස්වීම ගැටලුකාරී වී තිබේ.

දියනිය හා බෑනා  මව සමග අඬදබර ඇති කරගෙන ඇත.
කාන්තාව ඒ පිළිබඳ රඹුක්කන පොලිසියේ පැමිණිලි ගණනාවක්ද කර ඇති අතර ඉකුත් 2 වැනිදා රඹුක්කන දී පළමු පෙම්වතා සමග ඇය  විවාහ වන්නට යොමු වන්නේ ඇගේ කැමැත්තටය.

වයස 19 දී මගහැරුණ විවාහය ඇය වයස 62 දී සිදුකිරීම විශේෂිතය.කෙසේ වෙතත් විවාහය සිදුකරගෙන සතියක් පමණ ගතවෙද්දී ඉකුත් 09 වැනිදා ඇයට ඇති වූ හදිසි අසනීප තත්වයක් හේතුවෙන් රඹුක්කන රෝහලට ඇතුළත් කර  තිබේ. 

රඹුක්කන රෝහලින් වැඩිදුර ප්‍රතිකාර සඳහා කෑගල්ල මහ රෝහලට මාරු කර එවා තිබිය දී ඉකුත් 10 වැනිදා පෙරවරුවේ ඇය මියගොස් ඇත.තම විවාහය පමාවී හෝ නීත්‍යානුකූලව සිදුකරගන්නට හැකිවීම ගැන මව සතුටින් සිටි බව දියණිය පවසා තිබේ.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: හැට දෙකේ එක්දරු මව අවු 34කට පසු පළමු පෙම්වතා හා එක්වී ඔහු තුරුලේ අවසන් ගමන යයි Rating: 5 Reviewed By: webgossip24.com