අත්තනගල්ල ප්‍රදේශයේ විදුහලක එකොළොස් වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවියකට වට්ස්ඇප් මාර්ගයෙන් සිය නිරුවත ඡායාරූප යැවූ බව කියන එම විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයකු අත්අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශ කියයි.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ 47 හැවිරිදි දෙදරු පියෙකි.
වට්ස් ඇප් මගින් සිසුවියට සිය නිරුවත පෙන්වීම ට අමතරව පාසල් කාලය අතරතුර දී මෙම සිසුවිය නිල කාමරයට කැඳවා ලිංගික අතවර සිදුකර ඇතැයි ද උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
සිසුවිය සතුව තිබූ ජංගම දුරකථනයේ නිරුවත් ඡායාරූපයක් තිබෙනවා දුටු එම සිසුවියගේ මව ඒ ගැන සිය දියණියගෙන් තොරතුරු විමසා කරුණු අනාවරණය කරගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
0 comments:
Post a Comment