728x90 AdSpace

උණුසුම් පුවත්.....
Friday, March 10, 2023

අනියම් බිරියගෙන් සල්ලි ගෙන්වා ගන්න අවුරුදු එක හමාරක් වයසැති සිඟිත්තියට පහරදීලා


 විදේශ ගතව සිටින අනියම් බිරිඳගෙන් මුදල් ගෙන්වා ගැනීම සඳහා අවුරුදු එක හමාරක් වයසැති දියණියකට කෲර වධහිංසා ලබාදුන් තිස් හැවිරිදි තිදරු පියකු පොලිසියට ලද තොරතුරක් අනුව අත්අඩංගුවට ගත් බව බකමූණ පොලිසිය කියයි,

සැකකරු නිත්‍යානුකූල විවාහයක් කරගෙන ඇති අතර ඔහු බකමූණ අතරගල්ලෑව ප්‍රදේශයේ තම නිවසට අවුරුදු එක හමාරක දියණිය ගෙන්වා කෲර වධහිංසා ලබාදෙමින්, පහරදෙන අයුරු වීඩියෝ කර අනියම් බිරිඳට යවා මුදල් ගෙන්වා ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව බකමූණ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ. ඩබ්ලිව්. උපුල් බොලුකඳුර මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.

දියණියට කෲර ලෙස වධ හිංසා කරන වීඩියෝ,පියා විසින් විදේශගත සිටින අනියම් බිරිඳට යොමු කර ඇති අතර එම වීඩියෝ වට්ස්ඇප් මාර්ගයෙන් වේයන්ගොඩ සිටින මවට යොමු කර ඒ පිළිබඳ වේයන්ගොඩ පොලිසියට පැමිණිලි කරන ලෙසට මව විසින් දැන්වීමෙන් අනතුරුව දියණියගේ ආච්චි විසින් ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇති බවද බකමූණ පොලිසිය සඳහන් කරයි,

අත්අඩංගුවට ගත් සැකකරු අද හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද බකමූණ පොලිසිය සඳහන් කරයි.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: අනියම් බිරියගෙන් සල්ලි ගෙන්වා ගන්න අවුරුදු එක හමාරක් වයසැති සිඟිත්තියට පහරදීලා Rating: 5 Reviewed By: webgossip24.com