728x90 AdSpace

උණුසුම් පුවත්.....
Monday, March 13, 2023

නැවතත් පිළිකා රෝගයට ගොදුරු වී සිටින සුසන්තා චන්ද්‍රමාලිට හැකි අයුරින් උදව් කරන්නැයි ඇය සියලු දෙනාගෙන් ඉල්ලයි


කාලයක් සිට රංගන ශිල්පිනියක් විදියට ක්ශේෂ්ත්‍රය තුළ සිටි ඇය විවිධ චරිත හරහා ප්‍රේක්ෂකයන් හමුවට ආවා. ඉතින් සුසන්ත චන්ද්‍රමාලී අපේ ආදරණීය රංගන ශිල්පිනියට එදා සිටම අද දක්වාම ආදරය කරන ප්‍රේක්ෂකයන් කිසිම අඩුවක් වුණේ නෑ. ඒ වගේම ඇගේ එකම දියණිය තිසුරි යුවනිකාත් කලා ක්ශේෂ්ත්‍රයේ ඉන්න ජනප්‍රිය වගේම දක්ෂ රංගන ශිල්පිනියක්.

ඉතින් අම්මත් සමගම රංගනය කරලා තියෙන තිසුරි යුවනිකා මේ වන විට විවාහක කාන්තාවක්. ඒ කොහොම වුණත් අම්මගෙයි තාත්තගෙයි හුරතලයට හැදී වැඩුණු තිසුරි අම්මටයි තාත්තටයි ගොඩක් ආදරය කරන දුවෙක්. වැඩි පුර ගොසිප් හැදෙන්නැති ඉතා නිහතමානීව ජීවත්වෙන මෙම කලා පවුල ගැන පසුගිය කාලයේ වැඩි පුර අපිට අහන්නට ලැබුණා.



ඒ සුසන්තා චන්ද්‍රමාලී රංගන ශිල්පිනිය පිළිකා රෝගයකට ගොදුරු වෙලා තිබුණ නිසා. ඉතින් රෝගයෙන් සුව වෙලා හිටපු ඇය නැවතත් එම රෝගයට ගොදුරු වෙලා කියලා අපිට දුක් මුසු ආරංචියක් මේ වන විට අහන්න ලැබිලා තියෙනවා. ඉතින් නැවතත් පිළිකා රෝගයට වැලදිලා තියෙන ඇයට ප්‍රතිකාර සදහා වැයවන මුදල හිතා ගන්න බැරි මුදලක් කියලයි ඇය කියලා තිබුණේ.
ඉතින් ඒ ගැන සුසන්තා චන්ද්‍රමාලී ඇගේ මුහුණු පොතේ සටහනක් පළ කරලා තිබුණා. එහිදී ඇය සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටියේ හැකි අයුරින් ඇයට පිහිට වන ලෙසයි. ඉතින් ඇය අපේක්ෂා කරන විදියටම ඇයට උදව් උපකාර කරන්න කියලා වගේම ඇයට ඉක්මන් සුව අපිත් හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු. 

ඔබේ ආධාරය පහතින් ලබා දිය හැක 
  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: නැවතත් පිළිකා රෝගයට ගොදුරු වී සිටින සුසන්තා චන්ද්‍රමාලිට හැකි අයුරින් උදව් කරන්නැයි ඇය සියලු දෙනාගෙන් ඉල්ලයි Rating: 5 Reviewed By: webgossip24.com