728x90 AdSpace

උණුසුම් පුවත්.....
Wednesday, March 8, 2023

ආණ්ඩුවේ ඉතාලි රස්සා බොරුව අතේ මාට්ටු - එරට ශ්‍රී ලංකිකයෙක් සියල්ල හෙලි කරයි


ඉතාලි රජයෙන් ලබා දෙන විසා ගැන මේ වන විට මුළු රටේම කතා වෙනවා. ඉතාලියෙන් සෑම වසරකම ඔවුන්ගේ සේවා සපයාගැනීමට රැකියා සදහා රටට ඇතුළු වීමට විසා ලබා දෙනවා. 




මෙවරත් එම අවස්ථාව ඔවුන් ලබා දී ඇති අතර ලංකාවේ විදේශ සේවා නියුක්ති කාර්යංශ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. නමුත් මේ සම්බන්ධයෙන් ඉතාලියේ ජීවත් වන අය නම් කියන්නේ ලාංකික ජනතාව රජය මගින් නොමග යවා ඇති බවයි.

 ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත දන්වා ඇති බව සදහන් කලත් විදේශ සේවා නියුක්ති කාර්යාංශ සදහන් කරන ආකාරයට ලාංකිකයන්ට මෙරට සිට විසා අයදුම් කිරීමට කිසිදු හැකියාවක් නොමැත.

තවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ප්‍රසිද්ධ කර ඇති නිවේදනයේ සදහන් ලින්ක් එක නිවැරදි එකක් නොවන බවටයි එරට සිටින ශ්‍රී ලංංකිකයන් පවසන්නෙ. 

නොමිලේ සෑම වසරක ලබා දෙන මෙම විසා ක්‍රමය මෙවර ආණ්ඩුව මැදිහත් වී ලබාගත් බවට ප්‍රසිද්ධ කරගැනීමට ආන්ඩුව මහත් වෙහෙසක් ගන්නා බවට ඔවුන් චෝදනා කරයි.මේ ඒ සම්බන්ධයෙන් ඉතාලියේ සේවය කරන ශ්‍රී ලාංකිකයෙක් අදහස් දක්වා තිබෙනේ මෙහෙමයි.

ඉතාලි රාජ්‍යයේ රැකියා සඳහා යුරෝපීය නොවන රටවලින් සේවකයින් බඳවාගැනීමට 2023 මාර්තු 27 වැනිදා සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් කැඳවීමට එරට රජය විසින් කටයුතු සූදානම් කර ඇති බව ඉතාලියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත තොරතුරු දැනුම් දී ඇත.

 

කාලීන රැකියා , කාලීන නොවන රැකියා හා ස්වයං රැකියා යන කාණ්ඩ ත්‍රිත්වය ඔස්සේ ට්‍රක් රථ රියදුරන්, ඉදිකිරීම් ක්ෂේත්‍රය, හෝටල් ක්ෂේත්‍රය, යාන්ත්‍රික හා විදුලි කාර්මික, විදුලි සංදේශ, ආහාර කර්මාන්තය, නාවික ක්ෂේත්‍රය, සංචාරක හා කෘෂි වගා ආදී ක්ෂේත්‍රවල රැකියා සඳහා සුදුසුකම් ඇති පුද්ගලයින්ට මේ සඳහා අයදුම් කළ හැකිවේ.

 

මෙම වැඩසටහන යටතේ රැකියා අවස්ථා 82,702ක්, ශ්‍රි ලංකාව ඇතුළු බංගලාදේශය, කොරියානු ජනරජය, ඊජිප්තුව, පිලිපීනය, ජපානය, ඉන්දියාව, කොසොවෝ, නයිජීරියාව, පාකිස්ථානය, යුක්රේනය හා යුරෝපා නොවන කාණ්ඩයේ තවත් රටවල් කිහිපයකට හිමි වී තිබේ.

 

ඉන් රැකියා අවස්ථා 38,705ක් හිමිවන්නේ ස්වයං රැකියා හා කාලීන නොවන රැකියා අවස්ථා සඳහා වේ. 


ඉතිරි රැකියා අවස්ථාවන් 44,000 කාලීන රැකියා යටතේ හිමිවේ.

 

2023 මාර්තු මස 27 දින පෙරවරු 9.00 සිට https://www.anpal.gov.it/assumere-lavoratori-non-comunitari-anno-2023 යන වෙබ් අඩවියට පිවිස මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙම රැකියා සඳහා අයදුම් කළ හැකිය.  

 

මේ පිළිබඳ වැඩි විස්තර, ඉතාලි රජයේ පහත සඳහන් වෙබ් අඩවියට පිවිසීමෙන්ද ලබාගත හැකිය.

 

http://www.gazzettaufficiale.it/eli/id/2023/01/26/23A00232/sg

 

මෙම රැකියා අවස්ථා සඳහා අයදුම්කරුවන්ට පෞද්ගලිකවම අන්තර්ජාලය ඔස්සේ අයදුම් කළ හැකි අතර, මේ වැඩසටහනට අනුව ඉතාලියේ රැකියා ලබාගැනීම සඳහා කිසිවෙකුට මුදල් ලබා නොදෙන ලෙසත් තමාගේ පෞද්ගලික මැදිහත්වීම මත මෙම රැකියා අවස්ථාව උදාකර ගන්නා ලෙසටත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුම් දෙයි.



  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: ආණ්ඩුවේ ඉතාලි රස්සා බොරුව අතේ මාට්ටු - එරට ශ්‍රී ලංකිකයෙක් සියල්ල හෙලි කරයි Rating: 5 Reviewed By: webgossip24.com