728x90 AdSpace

උණුසුම් පුවත්.....
Sunday, March 19, 2023

මහත්තයා රට යවලා බැංකු නිලධාරිනිය අනියම් පෙමක පැටලිලා – අවුරුදු 27 තරුණයා සල්ලි වලට විද්ද හැටි එකින් එක එළියට


 ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක කළමනාකාරිණියක වන ඇය 50 හැවිරිදි විවාහක කතක්.

සැමියා විදෙස්ගතව සිටින අතර ඇය 27 හැවිරිදි පුද්ගලයකු සමග අනියම් පෙම් සබඳතාවක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

එම පුද්ගලයා වරින් වර රුපියල් විසි පන් ලක්ෂ විසි හතර දහසක මුදලක් වංචනික ලෙස ඇයගෙන් ලබා ගෙන තිබෙනවා.

එම මුදල් ආපසු ඉල්ලූ විට ඇගේ නිරුවත් ජායාරූප සමාජ මාධ්‍යට සහ සැමියාට මුදා හරින බවට තර්ජනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර එහි ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් පදවි ශ්‍රී පුර පොලිසියට නියෝග කළා.

මහේස්ත්‍රාත්වරයා මෙසේ නියෝග කළේ පදවි ශ්‍රී පුර පොලිසියේ සැරයන් (21504) ධම්මික බී වාර්තාවක් මගින් අධිකරණයට කළ කරුණු දැක්වීම සැළකිල්ලට ගනිමින්.

සැකකරු ඇයට නිතර තර්ජනය කරන බව විමර්ශනවලදී හෙළි වූ බවත් සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් පුළුල් විමර්ශනයක් අරඹා ඇති බවත් සැරයන්වරයා එහිදී අධිකරණයට දැන්වූවා.

පදවි ශ්‍රි පුර පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත සැරයන් ධම්මික මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළා

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: මහත්තයා රට යවලා බැංකු නිලධාරිනිය අනියම් පෙමක පැටලිලා – අවුරුදු 27 තරුණයා සල්ලි වලට විද්ද හැටි එකින් එක එළියට Rating: 5 Reviewed By: webgossip24.com