728x90 AdSpace

උණුසුම් පුවත්.....
Wednesday, March 15, 2023

නවසීලන්තයේ 7.1 ප්‍රබල භූ කම්පනයක් - සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරයි


 නවසීලන්තයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ එහි අගය රික්ටර් මාපකයේ 7.1ක අගයක් ගෙන ඇති බවය.

භූ කම්පනය සිදුවීමත් සමග සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

 තුර්කි - සිරියානු දේශසීමාව ආසන්නයේ හටගත් ප්‍රබල භූකම්පනයෙන් හානියට පත් තුර්කියේ ප්‍රාන්ත දෙකකට දරුණු ජලගැලීම් ආපදාවක් බලපා තිබේ.

ඉන් දැනට සිදුව ඇති මරණ ගණන 14ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

භූකම්පනයෙන් විපතට පත් පිරිස් රඳවා සිටින අඩියාමන් සහ ෂන්ලුයිෆා ප්‍රාන්තවලට ජල ගැලීම්වල දැඩි බලපෑම් එල්ල වුණි.

ඉන් ඇතැම් සරණාගත කඳවුරුවලට පවා හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: නවසීලන්තයේ 7.1 ප්‍රබල භූ කම්පනයක් - සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරයි Rating: 5 Reviewed By: webgossip24.com