728x90 AdSpace

උණුසුම් පුවත්.....
Monday, March 13, 2023

අනියම් බිරිඳට බලෙන් මත්පැන් පොවා මිතුරන් දෙදෙනෙකු සමඟ දූෂණය කරලා - කාන්තාව රෝහලේ


 තණමල්විල පොලිස් වසමට අයත් කිතුල්කොටේ ප්‍රදේශයේ පදිංචි අවුරුදු විසිදෙකක් පමණ වයසැති විවාහක කාන්තාවකට ඇය සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය අසල්වැසියකු ඉකුත් (07 වෙනිදා) ඇයට පහරදී මත්පැන් පොවා ස්ත්‍රී දූෂණය කිරීම සම්බන්ධයෙන් තණමල්විල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

මෙම කාන්තාවගේ සැමියා බන්ධනාගාරගතව සිටින අතර ඇය අසල්වැසි තරුණයකු සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇත.

ඉකුත් හත් වෙනිදා රාත්‍රි ඔහු මිතුරන් දෙදෙනකු සමඟ මත්පැන් පානයකොට ඇති අතර ඇයටද අකමැත්තෙන්ම මත්පැන් පොවා ඇත.

පසුව සැකකරු ඔහුගේ ඥාතියකුගේ නිවසකට ඇයව කැඳවාගෙන ගොස් මිතුරන් දෙදෙනා සමඟ අපරාධය සිදුකර ඇත.

අතවරයට පත්වීමෙන් පසු කාන්තාව හම්බන්තොට මහ රෝහලට ඇතුළත්වී ප්‍රතිකාර ලබන අතර ඇය රෝහල් පොලිසියට සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර ඇත.

සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භකර ඇත.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: අනියම් බිරිඳට බලෙන් මත්පැන් පොවා මිතුරන් දෙදෙනෙකු සමඟ දූෂණය කරලා - කාන්තාව රෝහලේ Rating: 5 Reviewed By: webgossip24.com