Wednesday 16, Jul 2025

728x90 AdSpace

උණුසුම් පුවත්.....
Thursday, March 23, 2023

Unknown ජන්දේ ගැන මෙන්න අලුත්ම තීරණය - ආයෙමත් මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්


එළඹෙන අප්‍රෙල් 25 වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද සලකුණු කිරීම, පෙර ප්‍රකාශයට පත් කර තිබූ දිනවලදී සිදු නොකෙරන බව මැතිවරණ කොමිසම නිවේදනය කරනවා.

පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය සම්බන්ධයෙන් නිශ්චිත තීන්දුවකට එළැමීමට මැතිවරණ කොමිසමට අද නොහිකි වූ අතර එම ඡන්ද විමසීම දින නියමයක් නැතිව කල් දමා තිබේ.මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ඒ බව නිවේදනය කළේය.

දේශපාලන පක්ෂ ලේකම්වරයන්ගේ අදහස් යෝජනා සලකා බලා නීති පිළිබඳවද අධ්‍යනයෙන් ඉදිරි කාලයේ තීරණයකට එළඹෙන බවය ඒ අනුව මාර්තු 28, 29, 30, 31 හා අප්‍රේල් 03 යන දිනවලදී සිදුකිරීමට සැලසුම් කර තිබූ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු එදින සිදු නොකෙරෙනු ඇති.

මීට අමතරව පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ඉදිරි කාලයේ තීරණයකට එළඹෙනු ඇති බවද කොමිසම නිවේදනය කරනවා.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: ජන්දේ ගැන මෙන්න අලුත්ම තීරණය - ආයෙමත් මැතිවරණ කොමිසමෙන් නිවේදනයක් Rating: 5 Reviewed By: webgossip24.com