728x90 AdSpace

උණුසුම් පුවත්.....
Saturday, March 11, 2023

අසම්මතයේ තවත් එක කතාවක අවසානයේ මව සහ දරුවා බාරගැනීමට පියා කැමති වෙයි


කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දුම්රියක වැසිකිලියක් තුළ අතහැර ගොස් සිටි බිළිඳාගේ මව සහ පියා ඊයේ (11) අත්අඩංගුවට ගෙන තිබුණි.

කොළඹ කොටුවේ සිට - මඩකලපුව දක්වා ධාවනය වීමට නියමිතව තිබූ ''මීනගයා'' රාත්‍රී තැපැල් දුම්රියේ වැසිකිලියේ අත්හැර ගොස් සිටියදී මෙම බිළිඳා හමුවුනේ පෙරේදා (10) රාත්‍රියේය.

බිළිඳෙකු දුම්රිය මැදිරියක වැසිකිළියක් තුළ සිටින බවට දුම්රිය මගීන්ගෙන් ලැබුණු තොරතුරු මත 
වහා ක්‍රියාත්මක වූ කොටුව දුම්රිය ආරක්ෂක අංශය එහි ගොස් පරීක්ෂා කර තිබුණි.

ඒ අනුව කූඩයක් තුළ බහා අත්හැරදා තිබූ මේ බිළිඳා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත ඇතුළත් කිරීමට පොලීසිය පියවර ගෙන ඇත.

සතියක් පමණ වන බිළිඳාට එහිදී කිරි පොවා තිබුණේ හෙදියන් විසිනි.

මෙම සිද්ධිය මාධ්‍යයෙන් වාර්තාවීමත් සමග බණ්ඩාරවෙල පොලීසියේ විශේෂ ඒකකයට බිළිඳාගේ මව යැයි සැක සහිත කාන්තාවක් සම්බන්ධයෙන් ඊයේ  තොරතුරක් වාර්තා වී තිබුණි.

එම තොරතුරට අනුව පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු බණ්ඩාරවෙල නායබැද්ද ප්‍රදේශයේ නිවසකට ගියේ එම කාන්තාව සොයාගැනීම සඳහාය. 

ඇයගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙම කාන්තාව බිළිඳාගේ මව බවට තහවුරු කරගැනීමට පොලීසියට හැකිවිය. 

අනතුරුව බණ්ඩාරවෙල පොලීසියේ විශේෂ ඒකකයේ තවත් නිලධාරීන් පිරිසක් ගොස් 25 හැවිරිදි ඇයව අත්අඩංගුවට ගෙන ඇත.

ඇය පවසා ඇත්තේ තමා රාජගිරිය ප්‍රදේශයේ යහළුවෙකුගේ නිවසේ සිට කේක් නිෂ්පාදනයට දායකවී සිටි බවත් එම කාලය තුළ ඇතිවූ ප්‍රේම සබඳතාවක් මත ගැබ් ගැනීම සිදුවූ බවත්ය.

පසුව මෙම කාන්තාව සහ පෙම්වතා වසරක පමණ කාලයක් රාජගිරිය ප්‍රදේශයෙන් කුලී පදනම මත ලබාගත් කාමරයක ජීවත්ව තිබේ. 

පසුගිය 25 වනදා දරුවා බිහිකිරීමෙන් පසු එම කුලී නිවසේ කාලය ගත කර ඊයේ පස්වරුවේ දරුවා, පියාට භාරදී බස් රථයක නැගී ඇය බණ්ඩාරවෙල බලා පැමිණ තිබුණි.

ඒ අනුව බිළිඳා ඊයේ රාත්‍රියේ මීනගයා දුම්රියේ වැසිකිළිය තුළ තබා ගොස් තිබුණේ පියා විසිනි. 

සිද්ධිය සම්බන්ධයෙන් 25 හැවිරිදි දරුවාගේ පියා ද කොස්ලන්ද ප්‍රදේශයේදී පොලීසිය විසින් අද දහවල් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔහු පුද්ගලික විශ්වවිද්‍යාලයක අවසන් වසරේ ඉගෙනුම ලැබූ අයෙකි.

ඔහු පොලීසියට පවසා තිබුණේ, තමාත් දරුවාගේ මවත් අවිවාහක බැවින් දරුවා ලැබුණු පසු ඒ පිළිබඳව මව්පියන්ට පැවසීමට මව අකමැති වූ නිසා දරුවා දුම්රියේ දමා යන්නට තීරණය කළ බවය.

කවුරුන් හෝ දරුවාව රැගෙන ගොස් හොඳින් හදා වඩා ගනීවී යැයි සිතා ඔවුන් දරුවාව දුම්රියේ තබා ගියට බව පවසා තිබේ.

තවදුරටත් ඔහු පවසා ඇත්තේ, ඔන්ලයින් රැකියාවක නිරත වන තමන් දරුවා බහා තිබූ ප්ලාස්ටික් කූඩයද එලෙස ඔන්ලයින් ගෙන් වූ එකක් බවය.

කෙසේ වෙතත් දරුවා සහ මව භාරගැනීමට සූදානම් බව පියා පොලීසියට පවසා තිබේ. 

සිද්ධිය සම්බන්ධයෙන් දරුවාගේ මව සහ පියා හෙට (12) බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: අසම්මතයේ තවත් එක කතාවක අවසානයේ මව සහ දරුවා බාරගැනීමට පියා කැමති වෙයි Rating: 5 Reviewed By: webgossip24.com