728x90 AdSpace

උණුසුම් පුවත්.....
Wednesday, March 8, 2023

ඊයේ ජන්දෙට දින නියම කලා පමණයි - අද බඩු මිලට වෙච්ච දේ මෙන්න


 ග්‍රෑම් 450 පාන් ගෙඩියක් මිල රුපියල් 10කින් අඩු කිරීමට තීරණය කර තිබේ.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන පැවසුවේ එම මිල අද (8) මාධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවය.

පාන් ගොඩියක් රුපියල් 150 සිට රුපියල් 180 දක්වා විවිද මිලවලට අළෙවි වන බවත් එම ඕනෑම මිලක් රුපියල් 10 කින් අඩු කළ යුතු බවත් ජයවර්ධන පැවසීය.

බනිස් වර්ග සහ රෝස්පාන් ඇතුළු සෙසු බේකරි නිෂ්පාදනවල මිල සම්බන්ධයෙන් බේකරි හිමියන්ගේ සංගමය තීරණයක් ගෙන නොමැති බව එන්.කේ.ජයවර්ධන වැඩි දුරටත් සඳහන් කළේය.  

අද (08) දිනයේ රන් මිල සීඝ්‍ර ලෙස පහළ වැටී ඇති බව රන් භාණ්ඩ නිෂ්පාදකයින් පවසයි. දිවයිනේ ප්‍රධාන තිරිගු පිටි සමාගමක් වන ප්‍රිමා සමාගම තිරිගු පිටි කිලෝවක මිල රුපියල් 15 කින් අඩු කළ බව එම සමාගම විසින් දිවයිනේ සියළුම ප්‍රිමා තිරිගු පිටි අලෙවි නියෝජිතයන් වෙත දැනුම් දි ඇත.

ඩොලරයේ මිල අඩුවිමත් සමග ප්‍රිමා සමාගම විසින් අලෙවි කරනු ලබන සෑම තිරිගු පිටි කිලෝවකම මිල මේ අනුව රුපියල් 15 කින් අඩු කිරිමට පියවර ගත් බවයි අලෙවි නියෝජිතයන් කියා සිටියේ.

තිරිගු පිටි මිල ඉහල යාම හේතුවෙන් පාරිභෝගිකයන් තිරිගු පිටි සදහා ඇති ඉල්ලුම අඩු වු බවත්, වතු  ජනතාව තිරිගු පිටි ආශ්‍රිත ආහාර පාරිභෝජනයෙන් ඉවත් වි ඇති බවයි එම අලෙවි නියෝජිතයන් කියා සිටියේ. සුදු සීනි කිලෝවක තොග මිල රුපියල් 30 කින් සහ පරිප්පු කිලෝවක තොග මිල රුපියල් 40 කින් අඩු කර ඇතැයි පිටකොටුව තොග වෙළෙන්දෝ පවසති.

රුපියල ශක්තිමත් වීම හේතුවෙන් සුදු සීනි සහ පරිප්පු තොග මිල මෙසේ අඩු කළ බව තොග වෙළඳුන් කියා සිටිති.

සීනි කිලෝවක් සඳහා පැවති රුපියල් 50ක ආනයන බද්ද සත 25 දක්වා අඩු කිරීම හේතුවෙන් රුපියල් කෝටි 7000 ක ද රුපියල් 15 ක් වශයෙන් පැවැති පරිප්පු ආනයන බද්ද රුපියල දක්වා අඩු කිරීම හේතුවෙන් රුපියල් කෝටි 600 ක බදු ආදායමක් ද මේ වන විට රජයට අහිමි වී ඇතැයි තොග වෙළෙඳපොළ ආරංචිමාර්ග පවසයි.

සීනි බද්ද සත 25 දක්වා අඩු කළ 2020 ඔක්තෝම්බර් 13 වනදා සිට මේ දක්වා සත 25 බද්ධ යටතේ සීනි මෙට්‍රික් ටොන් ලක්ෂ 14ක් ද ,රුපියලක බද්ධ යටතේ පරිප්පු මෙට්‍රික් ටොන් ලක්ෂ 04ක්ද මෙරටට ආනයනය කර ඇතැයි තොග වෙළෙන්දෝ වැඩි දුරටත් කියා සිටිති.

ඒ අනුව සුදු සීනි සහ පරිප්පු තොග මිල අඩුවීමේ වාසිය මෙරට පාරිභෝගිකයාට ලැබිය යුතු බවද වෙළෙන්දෝ පවසති.

රන් භාණ්ඩ නිෂ්පාදකයින් සදහන් කළේ ඊයේ (07) දිනට සාපේක්ෂව අද (08) දිනයේ කැරට් 24 රන් පවුම රු. 9,250කින් සහ කැරට් 22 රන් පවුම රු. 8,500කින් අඩු වී ඇති බවයි.

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂ රුපියලේ අගය ඉහළ යාම ඊට ප්‍රධාන හේතුව බව ඔවුන් පෙන්වා දෙයි.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: ඊයේ ජන්දෙට දින නියම කලා පමණයි - අද බඩු මිලට වෙච්ච දේ මෙන්න Rating: 5 Reviewed By: webgossip24.com