728x90 AdSpace

උණුසුම් පුවත්.....
Wednesday, March 22, 2023

කෙල්ලෙක්ව සතුටු කරන්න පිරිමියෙක්ට ගට් එකක් තියෙන්න ඕන, මට දිනී වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ


 මේ දිනවල සමාජ මාධ්‍ය තුල වැඩි වශයෙන් කතා බහ කරන යුවළක් තමයි සංගීත් දිනි ආදරණීය යුවළ. ඉතින් මේ දෙදෙනා හොදම යාලුවන් වෙලා තමයි පෙම්වතුන් බවට පත් වුණේ. සංගීත් සහ දිනිති ආදර කතාව පටන් ගත්තත් ඔවුන් එය ප්‍රසිද්ධ කලේ ටික කාලයකින්. නමුත් මේ වන විට මේ ආදර අන්දරය ගැන නොදන්න කෙනෙක් නෑ. ඉතින් ප්‍රේක්ෂකයන්ගේ සුබ පැතුම් හමුවේ සහ සමහරක් දෙනාගේ විවේචන හමුවේ ජීවිතය විදින මෙම යුවළව අපිට සංගීත් දිනී යූ ටියුබ් නාලිකාව හරහා දැක ගන්න පුලුවන්.



ඉතින් සංගීත් සතරසිංහව මේ දිනවල ටෙලිනාට්‍යය හරහා පුංචි තිරයෙන් නිතරම දැක ගන්න පුලුවන්. දිනිති වල්ගමගේ ඇයගේ ගුවන් සේවිකා වෘත්තියෙන් පවා ඉවත් වුණේ සංගීත්ගෙන් ඇයට ලැබෙන ආදරය නිසායි.

ඉතින් සංගීත් දිනිති යුවල මේ වන විට ලංකාවේ ට්‍රෙන්ඩින් කපල් එක බවට පත් වෙලා. ඉතින් ජනප්‍රිය කඩවසම් නලු සංගීත් සතරසිංහ මේ විදියටයි ඔහුගේ ආදරණීය පෙම්වතිය ගැන අදහස් දක්වලා තිබුණේ.

” මගේ මැණික නිසා තමයි මම අද මේ තැන ඉන්නේ. එයා මගේ ඇදුම, කතා විලාසය, හැසිරීම් පවා වෙනස් කලා. එයා කාගෙන්වත් යැපෙන්න හදන කෙනෙක් නෙමෙයි. එයාටම කියලා ස්ථාවරයක් තියෙන කෙනෙක්. මට ලංවුණු කට්ටිය මගෙන් දේවල් බලාපොරොත්තු වුණා විතරයිනේ. නමුත් මැණික එහෙම නෑ. මම පසු ගිය දවසක මැනිකව සප්‍රයිස් කලා. කෙල්ලෙක්ව සප්‍රයිස් කරන්න කොල්ලෙක්ට ගට් එකක් තියෙන්න ඕන.”

මේ විදියටයි සංගීත් ඔහුගේ ආදරය ගැන අදහස් දක්වලා තිබුනේ.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: කෙල්ලෙක්ව සතුටු කරන්න පිරිමියෙක්ට ගට් එකක් තියෙන්න ඕන, මට දිනී වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ Rating: 5 Reviewed By: webgossip24.com