728x90 AdSpace

උණුසුම් පුවත්.....
Monday, March 20, 2023

අයි.එම්.එෆ් ණය අනුමතයි - ටෙලිකොම්-ලංකා හොස්පිට්ල් විකුණන්නත් අවසර


 IMF විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 7ක් දක්වා අරමුදල් ලබා ගැනීමට හැකි වන විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ ශ්‍රී ලංකාවේ වැඩසටහන අනුමත කරන ලදැයි ජනාධිපති කාර්යාලය පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ අනෙකුත් ජාත්‍යන්තර හවුල්කරුවන් ලංකාවට දැක්වූ සහයෝගය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය කෘතඥතාව පළ කළේය. 

මූල්‍ය ආයතන සහ ණය හිමියන් සමඟ පවත්වනු ලබන සියලුම සාකච්ඡාවලදී පූර්ණ විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීමටත්, විචක්ෂණ මූල්‍ය කළමනාකරණය සහ අභිලාෂකාමී ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයක් තුළින් තිරසාර ණය මට්ටමක් සාක්ෂාත් කර ගැනීමටත් කැපවන බව ජනාධිපතිවරයා කීය. 

මෙම දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා IMF වැඩසටහන ඉතා වැදගත් වන අතර ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාවේ ස්ථාවරය වැඩිදියුණු කිරීමට උපකාරී වනු ඇතැයි ද එය ආයෝජකයින් සහ සංචාරකයින් සඳහා ආකර්ශනීය රටක් බවට පත් වීමට ඉවහල් වනු ඇතැයි ද ජනාධිපති කාර්යාලය පවසයි.

ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ලංකා හොස්පිටල්ස්  සමාගම්වල රජය සතු කොටස් හිමිකාරීත්වය විකුණා දැමීමට කැබිනට්  අනුමැතිය හිමිව තිබේ.

භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා  අදාළ ආයතන වල අධ්‍යක්ෂ මණ්ඩලවලට මේ තීරණය දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකා ටෙලිකොම් හි ප්‍රකාශිත කොටස් ප්‍රාග්ධනයෙන් 49.50% ක කොටස් අයිතිය මහා භාණ්ඩාගාරය සතුව පවතී.

ලංකා හොස්පිටල්ස් හි කොටස් ප්‍රාග්ධනයෙන් 51.34% ක හිමිකාරීත්වය පවතින්නේ රජය වෙනුවෙන් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සතුවයි.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: අයි.එම්.එෆ් ණය අනුමතයි - ටෙලිකොම්-ලංකා හොස්පිට්ල් විකුණන්නත් අවසර Rating: 5 Reviewed By: webgossip24.com