728x90 AdSpace

උණුසුම් පුවත්.....
Thursday, March 9, 2023

ගැහුවේ අසූචි මිශ්‍ර වතුර? කල් ඉකුත් වූ කඳුළු ගෑස්? හමුදා සෙබළු මුගුරු අතැතිව සිටියා දැයි විමර්ශනයක්


 පසුගිය 26 වනදා ජාතික ජන බලවේගයේ විරෝධතාව විසුරුවා හැරීමට පොලීසිය එල්ල කළ ජල ප්‍රහාර අසුචි ජලය බවත් එල්ල කළ කඳුළු ගෑස් කල් ඉකුත් වූ ඒවා බවටත් චෝදනා එල්ල වෙයි.

එලෙස චෝදනා කරමින් ජාතික ජන බලවේගයේ නීතීඥවරුන් කණ්ඩායමක් ඊයේ (09) පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

“මේ කඳුළු ගෑස් ප්‍රහාරයෙන් සිහිසුන්වූ ඉංජිනේරු මහත්තයෙක් තාම ජාතික රෝහලේ. ගනේමුල්ලේ කෙනෙක් ඊයේ මිය ගියා. සැලකියයුතු පිරිසකට සංකූලතා ඇති වෙලා. මේ කල් ඉකුත් වූ කඳුළු ගෑස් ගහලා තියෙන්නේ කියලා අපිට විශ්වාසයි. දේශීයව සහ ජාත්‍යන්තර ලෙස මේකට ගන්න පුළුවන් ඉහළම පියවර ගන්නවා.”යැයි නීතීඥ සුනිල් වටගල මහතා කීය.

කොළඔ විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී පසුගිය 7 වන දා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාව විසුරුවා හැරීම සඳහා පැමිණි හමුදා සෙබළුන් අතැතිව යකඩ හා ලී පොලු තිබුණාදැයි සෙවීමට විද්‍යුත් වෝහාරික විමර්ශනයක් ආරම්භ කර ඇති බව යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් පැවසීය.

විරෝධතාවේ රැකවලට යෙදූ හමුදා සෙබළුන් පිරිසක් යකඩ හා ලී පොලු අතැතිව සිටින ඡායාරූපයක් සමාජ මාධ්‍යයෙහි සංසරණය වීම පදනම් කරගෙන මෙම විමර්ශනය ආරම්භ කළ බව බ්‍රිගේඩියර්වරයා කීය.

ඒ අනුව, මෙලෙස සංසරණය වන ඡායාරූප හඳුනා ගැනීමට මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් හෙතෙම කීය.

එම විරෝධතාව පාලනය කිරීමට යුද්ධ හමුදවේ මැදිහත්වීමක් සිදුනොවුණු බව ත් පොලිසිය, කැරලි මර්දන අංශ සහ පොලිස් විශේෂ කාර්ය බළකාය ඉදිරියෙන් සිටියදී හමුදා සෙබළුන් ඉදිරි රාජකාරි සඳහා යොදවා නොතිබුණු බව ත් ඔහු සඳහන් කළේ ය.

ඡායාරූපයක සඳහන් වූ පමණින් හමුදා සෙබළුන් පොලු අතේ තබාගෙන සිටිය බව ස්ථීරව ම සඳහන් කිරීමට නොහැකි බව ත් එම ඡායාරූප සියල්ල ම පිටුපසින් ගෙන තිබීම හේතුවෙන් එහි සත්‍යතාව පැහැදිලිව සනාථ කළ නොහැකි බවත් ඔහු පැවසීය.

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන එම පින්තුරය එදා දවසට අයත් පින්තූරයක් ද එසේ නොමැති නම් පැරණි පින්තූරයක් ද යන්න පරීක්ෂා කිරීමට විශාල කාලයක් ගත වන බවත් ඔහු වැඩිදුරට ත් පැවසුවේ ය.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: ගැහුවේ අසූචි මිශ්‍ර වතුර? කල් ඉකුත් වූ කඳුළු ගෑස්? හමුදා සෙබළු මුගුරු අතැතිව සිටියා දැයි විමර්ශනයක් Rating: 5 Reviewed By: webgossip24.com