728x90 AdSpace

උණුසුම් පුවත්.....
Thursday, March 9, 2023

මම බිග් ගර්ල් කෙනෙක් වෙනකොට වුණත් මගේ අම්මා ලග හිටියෙ නැහැ.ඒ වගේම එයා රට ගිහිල්ලා ගොඩක් දුක් විඳපු කෙනෙක්


 මේ දිනවල හිරු නාලිකාවේ විකාශනය වන දිවිතුරා ටෙලි නාට්‍යයේ වින්ඩි කියන්නේ මේ දිනවල ඉතාමත් ජනප්‍රිය චරිතයක්. මේ චරිතය නිරුපනය කරන්නේ සුරූපී රංගන ශිල්පිනියක් වන නිලුෂි පවන්‍යා. ඉතින් වින්ඩිට ලැබෙන ප්‍රතිචාර ගැන ඇය පැවසුවේ මේ විදිහටයි.“මේ වන විට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනව. පොඩි ළමයි පවා දිවිතුරා නාට්‍ය බලනව. මගතොටදි කෙනෙක් දැක්කත් කියනව අපි කරන්ට් එක ගියත් ඔයාට බැන බැන ෆෝන් එකෙන් හරි කතාව බලනව කියල. මම කරන්නෙ නපුරු චරිතයක් වුණත් ඒකට ගොඩක් දෙනෙක් ආදරය කරනව. වින්ඩි එක්කෙනෙකුට ආදරය කරමින් එයාව කොහොම හරි ලබාගන්න හැමදේම කරනව. ඇත්තම කිව්වොත් මම වින්ඩි වගේ නෙමෙයි. ආදරයේදි මම හරි අවංකයි. නමුත් ආදරය ලබාගන්න පස්සෙන් යන්නෙ නැහැ.”



ඒ වගේම ආදරය විවාහය ගැනත් මේ විදිහට පැවසුවා. “ආදර යෝජනා විවාහ යෝජනා එනව. ඒක ගැහැනු ළමයකුට සාමාන්‍යයෙන් වෙන දෙයක්නෙ. නමුත් මම හිතනව ආදරය කරන්නවත් විවාහ වෙන්නවත් සුදුසු තැනක නෙමෙයි මම ඉන්නෙ කියල. නමුත් අපි ජනප්‍රිය වෙනකොට සමහර අය කියනව දැන් ඔයා ජනප්‍රියයි” ලොකු සල්ලිකාරයෙක් හොයාගෙන විවාහ වෙන්න කියල. සල්ලි ඕන නම් මට මේ දැනුත් බඳින්න පුළුවන්. නමුත් මම ජනප්‍රිය වුණත් නැතත් මම හිතන්නෙ නැහැ මම සල්ලිකාරයෙක් එක්ක විවාහ වෙන්න ඕන කියල. මාව තේරුම්ගත්ත” මට ආදරය කරන” ආදරයෙන් ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් එක්ක තමයි මම විවාහ වෙන් ඕන කියන දේ තමයි මම නිතරම හිතන්නෙ.මම ආදරය කළා. ඒ සම්බන්ධය අවුරුදු තුන හතරක්ම තිබුණ. නමුත් අතරමගදි අපි ඒ සම්බන්ධය නතර කරනව. ඒකට එකම හේතුව වුණේ අපේ නොගැලපීම. මම අදටත් කැමතියි එයා එයාට ගැළපෙන නෙනෙක් එක්ක විවාහ වෙලා සතුටින් ඉන්නව නම්. ලබන අවුරුද්දෙදි මගේ ජීවිතයේත් ලොකු වෙනසක් සිදු වේවි.”



කොහොම වුනත් ඇයගේ අතීතය ගැන සංවේදී කතාවක් යූටියුබ් නාලිකාවකට පැවසුවේ මෙහෙමයි. “මම ඇත්තටම චූටි කාලයේ සතුටින් හිටපු කාලයේ හරිම අඩුයි.අපේ පවුල අතර ශක්තිමත් බැඳීමක් තිබුණේ නැහැ.මගේ අම්මා හිටියේ රට මම ගොඩක් පුංචි කාලේ ඉඳන්ම මගේ අම්මා රට තමයි හිටියෙ මට මතක ඇති කාලෙක මගේ අම්මා මගෙ ළඟ හිටියේ නැහැ.එතකොට මගේ ලොකු අක්කයි අයියයි දෙන්නා හැදුනේ වැඩුනේ අම්මගෙ පවුලේ පැත්තේ.එතකොට මාවයි චූටි අයියායි බලා ගත්තේ අපේ තාත්තා.ඒක නිසා සහෝදරයො විදියට අපිට එකට ඉන්න ලැබුණෙ නැහැ. මම ගොඩක්ම ආදරේ කරන්නෙ මගේ අම්මට.නමුත් අපේ තාත්තා අපිව හොඳින් බලා ගත්තා. ඉතින් ඇත්තටම ඒ අතීතෙ මතක් කරනකොට මම ගොඩාක් සංවේදී වෙනවා.අපි ගොඩක් දුරස් වෙලා පොඩි කාලේ ඉඳන් හැදුන නිසා අදටත් ඒ දුරස්ථභාවය තරමක් දුරට දැනෙනවා.

මගේ අම්මා රට යන්නෙ මම 2 වසරේ ඉන්නකොට ඊට පස්සේ අවුරුදු දෙකකට පස්සේ ආවා.ආයෙම මගේ අම්මා මම නවය වසරෙ ඉන්නකොට මට යනවා.ඇත්තටම ගැහැණු ළමයෙක් ලඟ තමන්ගේ අම්මා ඉන්නම ඕන කාලයේදී මගේ අම්මට මගේ ළඟ ඉන්න බැරි වුණා.මම බිග් ගර්ල් කෙනෙක් වෙනකොට වුණත් මගේ අම්මා ලග හිටියෙ නැහැ.ඒ වගේම එයා රට ගිහිල්ලා ගොඩක් දුක් විඳපු කෙනෙක්.පවුලක ගොඩාක් රණ්ඩු ගොඩක් ප්‍රශ්න ඇති වෙනකොට ගැහැණු කෙනාට තීරණය කරන්න පුළුවන් මේ පවුල ඕනෙ නැහැ කියලා. මගේ අම්මටත් අපිව දාලා යන්න තරම් ඕනේ තරම් හේතු තිබුණා.ඒ උනාට පවුල අතහැරලා දාන්නෙ නැතුව මගේ අම්මා ගත්ත තීරණය තමයි රට යන එක.රට යනවා ආපහු එනවා ඊට පස්සේ ආයෙ ඉන්න බෑ කියල හිතුනොත් ආයෙම යනවා. මම අදට වුණත් අම්මට කියන්නේ මම ඔයා උනානං මට නම් ඉවසගෙන ඉන්න බැරි වෙයි මම නම් ඩිවෝස් වෙයි කියලා.එච්චර දුරකට අපෙ අම්මා ප්‍රශ්න දරාගෙන හිටියා.”

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: මම බිග් ගර්ල් කෙනෙක් වෙනකොට වුණත් මගේ අම්මා ලග හිටියෙ නැහැ.ඒ වගේම එයා රට ගිහිල්ලා ගොඩක් දුක් විඳපු කෙනෙක් Rating: 5 Reviewed By: webgossip24.com