728x90 AdSpace

උණුසුම් පුවත්.....
Thursday, March 9, 2023

නිදාගන්න යද්දි අමිල කියනවා අම්මා ළගට ගිහින් නිදා ගන්න කියලා, අම්මා කියනවා පිස්සු නැතුව අමිල ලගට යන්න කියලා

http://

 සිනමාවට පායපු තරුවක් විදියට හදුන්වන්න පුලුවන් දක්ෂ රංගන ශිල්පිනියක් තමයි අනූෂා දමයන්ති කියන්නේ. ඉතාමත් දක්ෂ රංගන ශිල්පිනියක් වන අනූෂා චිත්‍රපට ගණනාවකම ඇගේ රංගනය ප්‍රේක්ෂකයාට දැක බලා ගන්න පුලුවන්. පසුගිය දා අනූෂගේ විවාහ මංගල්‍යයත් එක්ක හැමෝම අනූෂා ගැන කතා කරන්නට වුණා.

අනූෂගේ අත ගත්ත අමිල ඇගේ ජීවිතයට එන්නේ රසිකයෙක් විදියටයි. 2008 අවුරුද්දෙදි තමයි අමිලව අනූෂාට මුලින්ම මුණ ගැහෙන්නේ. ඉතින් සරලව කතා කරලා හිටපු අමිල පසුව අනූෂාට පරිස්සමින් ඉන්න, කෑම කන්න, පරිස්සමට උඩ නගින්න කියලා අමුතු කතා කිව්වත් අනූෂානම් කතා කලේ නෑ. ඉතින් පසුව අනූෂා ඩානිසින් ස්ටාර් තරගයෙන් ඉවත් වුනාම අමිල කතා කරනවා. ඔය විදියට තමයි අනූෂා අමිල ආදර අන්දරය පටන් ගන්නේ. මුල් කාලෙදි ගෙදරට හොරෙන් ආදරය ගෙනියන අනූෂා අම්මලාගෙන් අහන්න කියලා අමිලට කිව්වම අමිල එනවා අනූෂගේ අම්මලාගෙන් අහන්න.

ඉතින් ඒ විදියට පටන් ගත්ත ආදරය තමයි අද වන විට අනූෂත් අමිලත් එක වහලක් යට සතුටින් ජීවත් වෙන්නේ. හැමෝම දන්න දෙයක් තමයි අනූෂා කොහෙ ගියත් අම්මා එක්කමයි කියලා. ඒ වගේම නිදාගන්න ගියත් අනූෂා අම්මා ළගමයි නිදාගන්නේ. කාලයක් ගියාම අනූෂට මේ ජීවන රටාව නැතුවම බැරිවෙනවා. ඉතින් අමිල සමග විවාහ වෙන අනූෂාට අම්මව ගොඩක් මතක් වෙන්නේ ඇය ගෙදර ඉන්නකොට අම්මත් එක්කම ඉන්න නිසායි. ඉතින් ඒ අත්දැකීම ගැන අනූෂා මේ විදියටයි පුවත්පතකට අදහස් දක්වලා තිබුණේ.

” මම ගෙදර ඉන්නකොට අම්මා එක්ක එක කාමරේ එක ඇදේමයි නිදා ගත්තේ. ඉතින් මට අම්මා නැතුව බෑ. මම වෙඩින් එක දවසෙ රෑ හොටෙල් එකට ගියාම අනිත් කාමරේ අම්මටයි තාත්තටයි නැවතිලා ඉන්න කිව්වා. අයියා ඇවිත් ඇහුවා මොලේ අමාරුවක්ද කියලා අම්මයි තාත්තයි එක්කන් ගියා. අමිල දන්නවා මගෙයි අම්මගෙයි තියෙන බැදීම. මම අමිලගෙ ගෙදරට ගිය පළවෙනි දවසේ අපේ අම්මවත් එහෙ තියා ගත්තා. අපේ අම්මටත් එහෙ වෙනම කාමරයක් තියෙනවා. අමිල මට කිව්වා අම්මා ලගට ගිහින් නිදාගන්න කියලා. අම්මා ළගට ගියාම පිස්සුද අමිල ලගට යන්න කියනවා.

කසාද බැදපුවහම මෙච්චර ජීවිතේ සුන්දර වෙනවා කියලා දැනගෙන හිටියෙ නෑ. මෙච්චර කාලයක් මම අම්මව බලාගත්තා. අම්මා මාව බලාගත්තා. දැන් තව කෙනෙක් ඉන්නවා. ඉස්සර මම නැගිට්ට ගමන් අම්මෙ කියලා තේ එක හොයාගෙන යනවා. දෑ ඔයාට ඕනෙනෙ වස්තු කියලා තේ එක අරගෙන යනවා.”

ඉතින් අලුත් ජීවිතයකට පය තැබූ අමිලටත් අනූෂටත් අපේ උණුසුම් සුබ පැතුම් එකතු කරන ගමන්ම ඔවුන්ගේ ඉදිරි ජීවිතයත් සාර්ථක සහ සතුටින් ගත කරන්න ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: නිදාගන්න යද්දි අමිල කියනවා අම්මා ළගට ගිහින් නිදා ගන්න කියලා, අම්මා කියනවා පිස්සු නැතුව අමිල ලගට යන්න කියලා Rating: 5 Reviewed By: webgossip24.com