728x90 AdSpace

උණුසුම් පුවත්.....
Sunday, March 12, 2023

දරුවා දුම්රිය වැසිකිලියේ දමා ගිය මව, පියා රිමාන්ඩ් - රාජකාරී කල ප්‍රධාන පොලිස් පරීක්ෂකට තොප්පියක්


මඩකලපුව බලා යන මීනගයා දුම්රියේ බිළිඳු දරුවකු කූඩයක දමා යාමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද එම දරුවාගේ මව හා පියා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මාර්තු 15 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ ඇත.

දරුවාගේ පියා පොලිසියට පවසා තිබුණේ දරුවා ගේ මව දරුවා හදා වඩා ගැනීමට බිය වූ නිසා මෙසේ දුම්රියේ දරුවා දමා ගිය බවයි.

කවුරුන් හෝ විසින් දරුවා හදා වඩා ගනිමින් මෙම බලාපොරොත්තුවෙන් මෙම තීරණය ගත් බවද ඔහු සඳහන් කර තිබේ.මිනගයා රාත්‍රී දුම්රිය වැසිකිළිය තුළදී බිළිඳු දරුවා දමා ගිය කාන්තාව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව  ඒ සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය පිළිබඳ බණ්ඩාරවෙල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

සැකකාරිය අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සැකකාරිය ගෙන් ප්‍රශ්න කිරීම මෙන්ම විමර්ශනයේ තොරතුරු පිළිබඳ සැලකිලිමත් වීමකින් තොරව සැකකාර කාන්තාවන් අපහසුතාවයට පත්වන ආකාරයට කටයුතු කිරීම හා ළමුන් හා කාන්තාවන් සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ පොලිස්පතිවරයා විසින් නිකුත් කර ඇති  ඇති චක්‍රලේඛණ අනුව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කර ඇතැයි මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වහා විමර්ශනයක් කරන ලෙස පොලිස්පතිවරයා විසින් පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂක වරයා වෙත නියෝග කර ඇත

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: දරුවා දුම්රිය වැසිකිලියේ දමා ගිය මව, පියා රිමාන්ඩ් - රාජකාරී කල ප්‍රධාන පොලිස් පරීක්ෂකට තොප්පියක් Rating: 5 Reviewed By: webgossip24.com