728x90 AdSpace

උණුසුම් පුවත්.....
Friday, March 10, 2023

තොප්පි අතේ තියාගෙන යන්නේ, තොපි හිඟා කාපියව් - ආචාරය නොලැබුණැයි එස්.එස්.පී.ට යකු නැගලා


 පානදුර නගර මධ්‍යයේ දී කාන්තා පොලිස් නිළධාරීනියන් පිරිසකට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරයකු අසභ්‍ය ලෙස බැන වැදී ඇතැයි පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

පානදුර දකුණ පොලිසියේ කාන්තා භඨ නිවාසයේ සිට පොලිස් අධිකාරී කාර්යාලය දක්වා පාගමනින් යමින් සිටි කාන්තා නිලධාරිනියන් සිව් දෙනකුට මෙසේ බැන වැදී ඇතැයි සඳහන් වේ.

කාන්තා නිලධාරිනියන් සිව්දෙනා සිය හිස්වැසුම් අතෙහි රඳවාගෙන පානදුර නගරයේ ප්‍රධාන මත්ස්‍ය වෙළඳ සැලක් ඉදිරිපිටින් ගමන් කරමින් සිටි අවස්ථාවේ උරණ වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඔවුන් නවතා ‘‘තොප්පි අතේ තියාගෙන යන්නේ, තොපි හිඟා කාපියව්‘‘ යනුවෙන්ද පවසා අසභ්‍ය වචනයෙන් බැන වැදී ඇති අතර , මත්ස්‍ය වෙළෙඳ සලට පැමිණ සිටී පිරිස් මෙන්ම එහි සේවකයන් ද සිය කාර්යයන් නවතා කාන්තා පොලිස් නිළධාරීනියන්ට බැනවදින දෙස බලා සිට ඇතැයි සිද්ධිය ඇසින් දුටූවෙක් පැවසීය.

කාන්තා පොලිස් නිලධාරිනියන් අදාල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ආචාර නොකිරීම සම්බන්ධයෙන් උරණවී මෙසේ බැනවැදී ඇති බවද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

සිද්දිය සම්බන්ධයෙන් පානදුර ප්‍රදේශයේ උසස් පොලිස් නිළධාරීයෙක් සදහන් කළේ එැවින සිදුවීමක් වාර්තා වන නමුත් මාධ්‍යට ප්‍රකාශ ලබාදීමට බලයක් තමන්ට බලයක් නොමැති බවයි.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: තොප්පි අතේ තියාගෙන යන්නේ, තොපි හිඟා කාපියව් - ආචාරය නොලැබුණැයි එස්.එස්.පී.ට යකු නැගලා Rating: 5 Reviewed By: webgossip24.com