728x90 AdSpace

උණුසුම් පුවත්.....
Saturday, March 11, 2023

මට බත් කන්න පුරුදු නෑ, එළවලු පළතුරු විතරයි කන්නේ - සචිනි


 2003 වසරේ දී ලක් රූ රැජින විදියට කිරුළු පැළදූ සචිනි අයේන්ද්‍රා එම වසරේම ලෝක රූ රැජින විදියට ශ්‍රී ලංකාව නියෝජනය කරන්නත් ඇයට අවස්ථාව ලැබෙනවා. ඉතින් 2002 වසරේ නිරූපන ශිල්පිනියක් විදියට ක්ශේෂ්ත්‍රයට එන සචිනි අයේන්ද්‍රා ආදරණීය වස්සානය චිත්‍රපටය හරහා තමයි ඇගේ රංගන ජීවිතය පටන් ගන්නේ. එතනින් පටන් ගත්ත ඇගේ කලා ගමන මේ වනවිට සංකාරා, හාර්ට් එෆ් එම් වැනි චිත්‍රපට ගණනාවකටම ඇගේ රංගන දායකත්වය ලබා දුන්නා.

ඉතින් සචිනි අයේන්ද්‍රා ගැන පසු ගිය කාලයේදී වැඩිපුර ඇය ගැන කතා කරන්නට වූනේ ඇය ග්ලව්ස් දාලා බත් කන වීඩියෝවක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වීමත් එක්කයි. ඉතින් මේ හේතුව නිසා සචිනිට ගොඩක් දෙනාගේ විවිධ විවේචන වලට මුහුණ දෙන්න සිදු වුණා. ඇය කියන්නේ ලංකාවේ මිනිස්සුන්ට ග්ලව්ස් දාන එක මැජික් එකක් වුනාට පිටරටවල මිනිස්සුන්ට මේක සාමාන්‍ය දෙයක් කියලා.

ඉතින් මේ වන විට විවාහ වෙලා දරුවන් දෙදෙනෙක් ඉන්න සචිනි අයේන්ද්‍රා ඇගේ පෞද්ගලික ජීවිතය ඉතාම සැහැල්ලුවෙන් ගත කරනවා. ඇගේ සැමියා ඇගේ ජීවිතයට කිසිම බලපෑමක් නොකර තමන්ගේ පාඩුවේ වැඩ ටික කරගැනීමට නිදහස දීලා තියෙනවා කියලයි සචිනි කියන්නේ. ඉතින් ඇය ඇගේ ජීවිතයේ තොරතුරු කිහිපයක් එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවක දී කියලා තිබුණේ මේ විදියටයි.

” මේ දවස් වල මම සතියට එක පාරක් වගේ බත් කන්නේ. ඒකත් එක වේලයි. ගොඩක් දුරට මම කන්නේ ගුණදායක එළවළු පලතුරු විතරයි. ඉතින් ඒවා කාලා ම මට බත් කන එක එපාවෙලා තියෙන්නේ. එළවළු පලතුරු කන්න පුරුදු වෙලා ඒවා විතරමයි කන්නත් පුළුවන්. බත් කනකොට මම අතට ග්ලව්ස් දාන්නේ නියපොතු ටික සවුත්තු වෙන නිසා. මම හැට පැන්නත් කොටට අදිනවා. අම්මෙක් විදිහට මගේ ලොකුම බලාපොරොත්තුව තමයි දරුවන්ට හොඳ ආදර්ශමත් මවක් වෙන එක. ”

මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පිණි, ඒ වගේම නිරූපණ ශිල්පිනියක් වන සචිනි අයේන්ද්‍රා ඇගේ අදහස් දක්වලා තිබුණේ.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: මට බත් කන්න පුරුදු නෑ, එළවලු පළතුරු විතරයි කන්නේ - සචිනි Rating: 5 Reviewed By: webgossip24.com