728x90 AdSpace

උණුසුම් පුවත්.....
Friday, March 24, 2023

ප්‍රභූන්ට සැප දෙන ගණිකා මඩමක් වටලයි – සුරූපී ළඳුන් විකිණෙන හැටිත් හෙළි වෙයි


 බොරලැස්ගමුව, මහරගම වැව පාර අසල දෙමහල් නිවසක ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන යනු ලැබූ ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි කළමනාකාරිය ඇතුළු ගණිකා වෘත්තියට පැමිණ සිටි කාන්තාවන් තිදෙනෙකු ඉකුත් 21 වෙනිදා රාත්‍රියේ බොරලැස්ගමුව පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.

අත්අඩංගුවට පත් කළමනාකාරිය මාස්පොත පදිංචිව සිටින 47 හැවිරිදි කාන්තාවක් වන අතර අනෙකුත් කාන්තාවන් දෙදෙනා හංවැල්ල හා අහංගම ප්‍රදේශවල පදිංචිව සිටින අවුරුදු 20 හා 36 වයස්වල පසු වන බවත් පොලීසිය පැවසුවා.

බොරලැස්ගමුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමේධ විමලගුණරත්න මහතා වෙත ලද රහසිගත තොරතුරකට අනුව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත රුපියල් 5000 ක මුදලකුත් ගෙවා පොලිස් උපාය දූතයකු යොමුකර මෙම වැටලීම සිදු කර තිබෙනවා.

සිදුකළ මූලික විමර්ශනවලදී මෙම දෙමහල් නිවසේ බිම් මහල ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් ලෙස නාම පුවරු පවා යොදා ගෙන සිටියත් එහි ආයුර්වේද වෛද්‍යවරයකු හෝ නොසිට ඇති අතර ඉහළ මහලේ මහලේ කාමරවල මෙම ගණිකා ජාවාරම සිදුකරගෙන ගොස් ඇති අතර මෙහි කාන්තා පහස පතා ප්‍රභූවරුන්, ධනවත් ව්‍යාපාරිකයන් පැමිණ රුපියල් 5,000=, 10,000/=, 15,000/= ආදී විවිධ මිල ගණන්වලට කාන්තාවන් අලෙවි කර ඇති බවටත් හෙළි වී ඇතැයිද පොලීසිය පැවසුවා.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: ප්‍රභූන්ට සැප දෙන ගණිකා මඩමක් වටලයි – සුරූපී ළඳුන් විකිණෙන හැටිත් හෙළි වෙයි Rating: 5 Reviewed By: webgossip24.com