728x90 AdSpace

උණුසුම් පුවත්.....
Sunday, March 5, 2023

යෞවනයේ පොපියන අලුත්ම චමත්කාරය චූන් කූර - එකක් රුපියල් 8000යි


 චූන් කූරු නොහොත් බැලස්ටික් නමින් හඳුන්වන අලුත්ම මත්ද්‍රව්‍ය කූරු විශේෂයක් තරුණයන් හට අලෙවි කිරීමේ ජාවාරමක යෙදුණු පුද්ගලයකු පොලිස් වැටලීමකදී එම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ යතුරුපැදිය දමා පලා ගිය බව අඟුරුවාතොට පොලිසිය පවසයි.

සැකකරු පදවාගෙන පැමිණි යතුරුපැදිය පරික්ෂා කිරීමේදී ඒ තුළ තිබී චුන් කූරු නොහොත් බැලස්ටික් නමින් හදුන්වන අඟල් දහයාමාරක් දිගැති මත්ද්‍රව්‍ය කූරු විසි දෙකක් , කිසියම් මත් ද්‍රව්‍යයක් කලවම් කළ බවට සැක කරන ගංජා ග්‍රෑම් 515 ක්, විද්‍යුත් තරාදියක්, කතුරක්, ඇලෙන සුලු ඉටි රෝල් දෙකක්, ගුවන් ගමන් බලපත්‍ර දෙකක් පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරු විදේශගතව සිට මෑතකදී මෙරටට පැමිණි පුද්ගලයෙක් බව පොලිසිය පවසයි.

සැකකරු අලුත්ම මත්ද්‍රව්‍ය කූරු ජාවාරමක් මෙහෙයවන බවට අඟුරුවාතොට පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව අඟුරුවාතොට වෙනිවැල් පිටියේ දී වැටලීම සිදුකර ඇත.

අඟුරුවාතොට ප්‍රදේශයේ දිය ඇලි ආශ්‍රිතව සති අන්තයේ විනෝද වීමට පැමිණෙන තරුණයන් ඉලක්ක කරගෙන මෙම මත් කූරු ජාවාරම සිදු කර ඇති අතර එක් මත් කූරක් රුපියල් 8000 මුදලකට අලෙවි කර ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සැකකරු එම මත් කූරු විශේෂය අලෙවි කර ඇත්තේ තෝරාගත් පුද්ගලයන් අතරේ බවත් ඔවුන් හරහා අනෙකුත් පුද්ගලයන් වෙත අලෙවි කිරීමට කටයුතු කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

පලාගිය සැකකරු බලපිටිය පාතගම ප්‍රදේශයේ ස්ථිර පදිංචි වයස අවුරුදු 27 ක පුද්ගලයෙකි.

පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් පත්කර ඇත.

අඟුරුවාතොට පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි. 

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: යෞවනයේ පොපියන අලුත්ම චමත්කාරය චූන් කූර - එකක් රුපියල් 8000යි Rating: 5 Reviewed By: webgossip24.com