728x90 AdSpace

උණුසුම් පුවත්.....
Sunday, March 5, 2023

වැඩ දාහකට කතාකලොත් නවසිය අනූ නවයක්ම එන්නේ අයුතු වැඩ වලට එන්න කියලා - මලී ජේ.


 කලා ක්ෂේත්‍රයේ කවුරුත් දන්න කෙනෙක් තමයි මලී ජේ.මලී ලෙසින් ඇයව හැඳින්වුවත් ඇයගේ ඇත්ත නම ස්වර්ණමාලි ජයසුන්දර. දක්ෂ නිරුපිකාවක් වන ඇය මේ වන විට රංගන ශිල්පිනියක් ලෙසත් කටයුතු කරනවා. කොහොම වුනත් කලා ක්ෂේත්‍රය තුලදී ඇයට විවිධ යුතු යෝජනා ආපු බව පසුගිය දිනෙක සම්මුඛ සාකච්චාවකදී මෙලෙස පවසා තිබුණා.

“මගේ උප්පැන්නේ තියෙන්නේ ස්වර්ණමාලි ජනසුන්දර කියලා. ඒක ටිකක් දිග වැඩි නිසා මගේ ක්ෂේත්‍රයට ගැලපෙන විදියට මතක තියන නමක් දාගත්තා ඒක කෙටි කරලා තමයි මලී ජේ කියලා කියන්නේ. මාව හඳුනන හැම කෙනෙක්ම වගේ දැන් කතාකරන්නේ ඒ නමින්. මගේ ගම නුවර කොළඹට ඇවිල්ලා අවුරුදු කිහිපයක් වෙනවා.මෙහෙ හිටිය අවුරුදු කිහිපයට ගොඩක් දේවල් ඉගනගත්තා අත්දැකීම් ලැබුනා. රංගනය හැදෑරීමක් කරලා තමයි මම ක්ෂේත්‍රයට ආවේ. මන් හිතන්නේ කිසිම දෙයක් දන්නේ නැතුව කැමරාවක් ඉස්සරහට එනවට වඩා ඕනෑම දෙයක් හදාරලා තියනවානම් වටිනාකම වැඩියි. හැබැයි මම වැඩියෙන්ම ආස නිරුපිකාවක් කියලා කියනවට. මෙහෙම වෘත්තියක් කරද්දී ගොඩක් අභියෝග වලට මුහුණ දෙන්න වෙනවා. මට නම් වැඩ දාහකට කතාකලොත් නවසිය අනූ නවයක්ම එන්නේ අයුතු වැඩ වලට එන්න කියලා.ලංකාවේ නම් දාරාගෙන ඉන්න ඉහල පෙනේ ව්‍යාපාරිකයෝ දේශපාලන චරිත එහෙමත් මේ ගොඩේ ඉන්නවා. සිනමා ක්ෂේත්‍රයේ තමයි එහෙම යෝජනා වැඩියෙන්ම එන්නේ. ටෙලිනාට්‍ය සහ නිරුපනය කියලත් වෙනසක් නැහැ. අධ්‍යක්ෂක වරයා එක්ක නිදිය ගන්න යනවානම් ඕනෑතරම් ප්‍රධාන චරිත ගන්න තිබ්බා. මමත් එහෙම කලානම් අද ජනප්‍රිය නිලියක් තමයි. රටේ ප්‍රසිද්දම කෙනෙක් දවසක් කිව්වා එයාගේ වාහනයකින් එකකුයි ගෙදරකුයි මගේ නමට ලියලා දෙන්නම් එක දවසක් එයා එක්ක නිදි, යන්න එන්න කියලා. මම කිව්වා මොනවත් එපා මට එන්න බැහැ කියලා.”

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: වැඩ දාහකට කතාකලොත් නවසිය අනූ නවයක්ම එන්නේ අයුතු වැඩ වලට එන්න කියලා - මලී ජේ. Rating: 5 Reviewed By: webgossip24.com