728x90 AdSpace

උණුසුම් පුවත්.....
Friday, May 5, 2023

පීතෘත්වය සැමියා ලබා නොදුන්න නිසා දින හතරේ බිලිදාට දෙදරු මවක් කරපු දේ....

 


වත්තේගම පොලිස් වසමේ ඇල්කඩුව මාර්ගයේ මලියදේව ලෙන් විහාරය ඉදිරිපිට බුදු මැදුරේබුදු පිලිමයයට කුඩා බිළිඳෙකු දමා ගිය මව සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි .

එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ උකුවෙල පේයාඩ් ප්‍රදේශයේ 38 හැවිරිදි විවාහක කාන්තාවකි. පොලීසිය එම කාන්තාවගෙන් සිදුකළ ප්‍රශ්න කිරිම්වලදී ඇය පවසා ඇත්තේතමන් විවාහක කාන්තාවක් බවත්දරු දෙදෙනකුසිටින බවත්මෑතකදී උපන් දරුවාගේ පීතෘත්වයසැමියා විසින්ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්කලකිරීමට පත්ව එසේ දරුවා අතහැර දැමීමට පියවර ගත් බවයි .

මග දෙපස ඇති ආවේක්ෂණ කැමරා පද්ධති පරික්ෂාකිරීමෙන් සැකකාරිය අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය කියයි .

දින පහක් වයසැති එම බිළිදා වත්තේගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දරුවාට අවශ්‍ය පහසුකම් එහි නොමැතිවීම හේතුවෙන් මහනුවර ජාතික රෝහලේ ළදරු ඒකකයට එම දරුවා ඇතුළත් කිරීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබුණි .

දරුවාගේ මව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර වත්තේගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි පොලිස් සැරයන් වික්‍රමසිංහමහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරයි .

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: පීතෘත්වය සැමියා ලබා නොදුන්න නිසා දින හතරේ බිලිදාට දෙදරු මවක් කරපු දේ.... Rating: 5 Reviewed By: webgossip24.com