728x90 AdSpace

උණුසුම් පුවත්.....
Monday, May 1, 2023

කාන්තාවන්ට සුබ පණිවිඩයක්… කාන්තාවන් මීට පස්සේ පෙති බීලා දුක් විදින්න ඕනෙ නෑ.. පිරිමින් උපත් පාලන කොපු පාවිච්චි කරන්න අවශ්‍යත් නෑ.. ඇති තරම් සතුටු වෙන්න ක්‍රමයක් මෙන්න..


 මිනසෝටා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් විසින් පිරිමි සඳහා උපත් පාලන පෙත්තක් නිර්මාණය කර ඇති අතර එය ගැබ් ගැනීම වැළැක්වීම සඳහා 99%ක්ම ඵලදායී බව සත්ත්ව ආශ්‍රිත අධ්‍යයනයන් මගින් ඔප්පු වී තිබේ. පර් ෙය්ෂකයන්ට අනුව, වසර අවසන් වන විට මෙහි මිනිසුන් සඳහා අත්හදා බැලීම් ආරම්භ කළ හැකිය.

නව පෙත්ත තුළ භාවිත රසායනය ශුක්‍රානු නිෂ්පාදනය හා සාරවත් බව සමඟ සම්බන්ධ වන විටමින් A ආකාරයක් ලබාගන්නා ශරීරයේ ප්‍රෝටීනයක් ඉලක්ක කර ක්‍රියා කරයි. එය මගින් ක්ෂීරපායීන්ගේ සශ්‍රීකත්වයට සහ පුරුෂභාවයට තීරණාත්මක ලෙස බලපාන එම විටමින් A ආකාරය සමඟ ප්‍රෝටීනය බන්ධනය වීම අවහිර කරයි. 

පර්යේෂකයන් විසින් YCT529 ලෙස මෙම සංයෝගය හඳුන්වා තිබේ. මෙය හෝර්මෝන භාවිත නොවන උපත් පාලන ක්‍රමයකි. ඒ අන්දමට මෙම ඖෂධය මීයන් තුළ ගැබ් ගැනීම වැළැක්වීම සඳහා 99% ක් ඵලදායී වූ අතර කිසිදු අතුරු ආබාධයක් නොමැති වූ බව ඉකුත්දා අමෙරිකානු රසායනික සංගමයේ වාර්ෂික රැස්වීමේදී ඉදිරිපත් කරන ලද පර් යේෂණ වාර්තා තහවුරු කළේය.

පර් යේෂණයට නායකත්වය දුන් මිනසෝටා විශ්ව විද්‍යාලයේ වෛද්‍ය රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්ය ගුන්ඩා ජෝර්ජ්ට අනුව පර් යේෂකයන් විසින් මෙම ඖෂධය ඉහළ මාත්‍රාවන් සඳහා පරීක්ෂා කිරිමේදී පවා මීයන් තුළ කිසිදු අතුරු ආබාධයක් හටගෙන නොතිබුණි. 

“ඔවුන් කනවා, බොනවා, ඒ වගේම පැටවුන් උපද්දන්න නොහැකි වුවත් ඔවුන් ලිංගිකව ක්‍රියාශීලීයි. ඒ වගේම අපි ඵලදායී මාත්‍රාවට වඩා 100 ගුණයක් වැඩි මාත්‍රාවකට ගිය විටපවා, සංයෝගය කිසිදු විෂ සහිත බවක් පෙන්වූයේ නෑ.”

මෙම පර්යේෂණයේදි මීයන්ට සති හතරක් සඳහා ඖෂධය මුඛයෙන් ලබා දුන් විට, ඔවුන් වඳ බවට පත්වන තරමට ශුකානු ප්‍රමාණය විශාල ලෙස පහත වැටී ඇත. කණ්ඩායම සතුන්ට ඖෂධ මාත්‍රා ලබාදීම නැවැත්වූ විට, එහි ඇති රසායනයේ බලපෑම ආපසු හැරවෙන බව ඔවුහු දුටුවහ. එම මීයෝ සති හතරක් හෝ හයක් තුළ නැවතත් සාමාන්‍ය සරු සතුන් බවට පත්වූහ.

මෙම රසායනය හෝමෝන මත ක්‍රියා නොකරන්නක් බැවින්, එය අතුරු ආබාධ අඩුවෙන් ඇති කරන බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. මීට පෙර පිරිමි උපත් පාලන බෙහෙත් බොහෝ දුරට ක්‍රියාත්මක වී ඇත්තේ ටෙස්ටොස්ටෙරෝන් හෝර්මෝනය අවහිර කිරීමෙනි, එය පසුව මානසික අවපීඩනයට, බර වැඩිවීමට සහ ආත්ම විශ්වාසය අවම වීමට හේතු වී තිබුණි.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: කාන්තාවන්ට සුබ පණිවිඩයක්… කාන්තාවන් මීට පස්සේ පෙති බීලා දුක් විදින්න ඕනෙ නෑ.. පිරිමින් උපත් පාලන කොපු පාවිච්චි කරන්න අවශ්‍යත් නෑ.. ඇති තරම් සතුටු වෙන්න ක්‍රමයක් මෙන්න.. Rating: 5 Reviewed By: webgossip24.com