728x90 AdSpace

උණුසුම් පුවත්.....
Monday, May 1, 2023

සංගීත කණ්ඩායමේ සහෝදර ශිල්පියෙක්ගේ නොහොබිනා වැඩක් නිසා රෝහල් ගත වූ ඉඳුනිල් බලන්න ආ අමුත්තා - ජායාරුප


අපේ රටේ කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පියෙක් තමයි ඉඳුනිල් අන්දරමාන කියලා කියන්නේ. ඉතින් ඒ වගේම අපේ රටේ ගායන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙලේ ගායකයන් අතර නොමැකෙන නමක් දිනාගෙන ඉන්න ආදරණීය හදවතක් ඇති සදා නොවෙනස් වන ආදරණීය ගායකයෙක් විදිහටත් ඔහුව හදුන්වලා දෙන්න පුළුවන්.

ඒ වගේම ඔහු ගැන මුළු ලංකාවම වගේ දන්නවා. ඉතින් වැඩිහිටියාගේ ඉඳන් පුංචි දරුවා දක්වාම මේ අපුරු ගායකයා හදුනනවා. ඉතින් ඒ වගේම ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායන ශිල්පියෙක් තමයි ඔහු. ඒ තරමටම ලාංකීය ප්‍රේක්ෂකයාගේ සිත් සොරාගත් ගායකයෙක් තමයි ඔහු. වේදිකාවේ ගායකයෙක් වගේම සැබෑ ජීවිතයේ හිත හොද මිනිසෙක් ලෙස ඔහු කා අතරත් ජනප්‍රියයි.

ඒත් පසුගිය දා පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමේ ප්‍රසංගයක් අතරතුර ඉඳුනිල් අන්ද්‍රමානට පහර දුන් හෝ පහර දීමට උත්සාහ කළ බව කියන පුවතක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වනවා.

අදාළ පහර දීම සිදු කර ඇත්තේ පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමේ ම කවීෂ කවිරාජ් බවටයි ඉඳුනිල් අන්ද්‍රමාන චෝදනා කරන්නෙ.

කෙසේ වෙතත්, මෙම සිදුවීම ට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් කවීශ කවිරාජ්ව සංගීත කණ්ඩායමෙන් ඉවත් කර ඇති බවටද සමාජ මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන ඉඳුනිල් අන්ද්‍රමානගේ සුවදුක් බැලීමට අතුරලියේ රතන ස්වාමින්වහන්සේද පැමිණ සිටියා.

ඉඳුනිල් සිය සමාජ මාධ්‍ය ගිණුමේ මේ සම්බන්ධයෙන් කළ පළකිරීම පහතින්  



ජායාරුප උපුටාගැනීම සමාජ මාධ්‍ය තුලින් 

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: සංගීත කණ්ඩායමේ සහෝදර ශිල්පියෙක්ගේ නොහොබිනා වැඩක් නිසා රෝහල් ගත වූ ඉඳුනිල් බලන්න ආ අමුත්තා - ජායාරුප Rating: 5 Reviewed By: webgossip24.com