728x90 AdSpace

උණුසුම් පුවත්.....
Thursday, May 4, 2023

අනියම් සම්බන්ධයක් ඕන වෙලාවක ඇතිවෙන්න පුළුවන්


 කලා ලෝකයේ නිතරම උණුසුම් පුවත් මවන රංගන ශිල්පිනියක් තමයි චමත්කා ලක්මිණී කියලා කියන්නෙ. මේ දවස්වල ඇය රංගනයෙන් සම්බන්ධවෙලා ඉන්න human errors කතාමාලව නිසා නැවතත් චමත්කා ගැන උණුසුම් කතාබහක් ඇතිවෙලා තියනවා. ඉතින් ඒ ගැන දැනගන්න අපි හිතුවා චමත්කා එක්ක කතාකරන්න.


මොකක්ද මේ human errors කියන්නෙ?


අපේ පරම්පරාවෙ ගැහැනුන්ගේ සහ පිරිමින්ගේ errors තමයි ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ සුපුන් රත්නායක විසින් මේ විදිහට human errors නමින් ටී.වී සීරියස් එකක් විදිහට නිර්මාණය කරලා තියෙන්නෙ. විවාහ ජීවිතයක් තියෙද්දි වෙනත් පුද්ගලයන් සමග විකල්ප සම්බන්ධතාවක් ගොඩනගා ගැනීමත් ඒ තුළින් ඇතිවන ප්‍රශ්න, ජීවිතයේ හැලහැප්පීම් ගැන තමයි මේ ටෙලි නාට්‍යයේ ප්‍රධාන කතා තේමාව වෙලා තියෙන්නෙ.

සිපගැනීම් දර්ශන ගැන වැඩි කතාබහක් ඇතිවෙලා තියනවා නේද?


ඔව්. පළමුවැනි වතාවට ලංකාවේ ටෙලි නාට්‍යයක් තුළින් තොල් සිපගැනීමේ දර්ශනයක් ප්‍රදර්ශනය කිරීම හින්දා වෙන්න ඕන ඒ ගැන වැඩිපුර කතාබහ වෙන්නෙ. හැබැයි මම නම් ඒක අමුතු දෙයක් විදිහට දකින්නෙ නැහැ. තොල් සිප ගැනීමට එහා ගිය වැදගත් පණිවුඩයක් ලබා දෙනවා මේ ටෙලි නාට්‍යයෙන්. සමාජයේ සිදුවන සංසිද්ධියක් නිර්මාණාත්මකව පෙළගැස්වීම තමයි මේ ටෙලිනාට්‍යය තුළ සිදුකරලා තියෙන්නෙ. ඒ නිර්මාණාත්මක පෙළගැස්වීම තුළ තමයි තොල් සිපගැනීමේ දර්ශන ඇතුළත් වෙලා තියෙන්නෙ. එහෙම නැතුව ⁣ගැහැනියක් සහ පිරිමියෙක් අතර සිදුවන සිපගැනීම් දර්ශන විතරක් පෙන්නන හුදු ටෙලි නාට්‍යයක් නෙමෙයි human errors කියන්නෙ. මම ප්‍රේක්ෂකයන්⁣ට ආරාධනා කරනවා තොල් සිපගැනීම් දර්ශනවලට වැඩිය මේ ටෙලි නාට්‍යයේ අන්තර්ගත වෙලා තියන පණිවුඩය තේරුම් ගන්න කියලා.


හොඳ ප්‍රතිචාරද නරක ප්‍රතිචාරද වැඩිපුර ලැබෙන්නෙ?


⁣මේ දවස්වල වැඩිපුර ලැබෙන්නෙ හොඳ ප්‍රතිචාර. අපේ තරුණ පරම්පරාවේ අය නිතරම අලුත් විදිහෙ ටී.වී සීරියස් බලන්න කැමති අය. ඔවුන්ට මේ ටී.වී සීරියස් එක අරුම පුදුම අමුතු දෙයක් නෙමෙයි. මේ වගේ නිර්මාණ අරුම පුදුම දෙයක් වෙලා තියෙන්නෙ අපේ පරම්පරාවට වැඩිය වැඩිමහල් පරම්පරාවට තමයි.

වැඩිමහල් අය මේ වගේ නිර්මාණ අමුතු දෙයක් විදිහට හිතන්නෙ ඇයි?


මං හිතන්නෙ වැඩිමහල් පරම්පරාව අලුත් වෙන්න කැමති නැති නිසයි මේ වගේ නිර්මාණ ඔවුන්ට අමුතු දෙයක් වෙන්නෙ කියලා. අපිට පස්සෙ එන පරම්පරාවල දේවල් පිළිගන්න අපි පුරුදු වෙන්න ඕන කියලයි මම හිතන්නෙ. එහෙම අලුත්වෙන්න අකමැති අයට නෙමෙයි මේ වගේ නිර්මාණාත්මක ටෙලි නාට්‍යය තියෙන්නෙ. අලුත් විදිහට හිතන අපේ පරම්පරාවෙ අය වෙනුවෙන් තමයි human errors ටෙලි නාට්‍යය තියෙන්නෙ.


සැමියාගෙන් ගැටලුවක් නැද්ද මේ නිර්මාණයට සම්බන්ධ වුණ එකට?


මේ තාක් මම රඟපාපු කිසිම නිර්මාණයක් ගැන මගේ සැමියා මට කිසිම දොසක් කිව්වේ නැහැ. මේ නිර්මාණයටත් ඔහු මුකුත් කිව්වෙ නැහැ. ඇත්තටම ඔහු මගේ රංගන ජීවිතයට ලොකු සහයෝගයක් ලබාදෙනවා.


අනියම් ප්‍රේමය ගැන පෞද්ගලික අදහස මොකක්ද?


ආදරය කියන්නෙ හැඟීමක්. එක වතාවක් නෙමෙයි අපිට ආදරය දැනෙන්නෙ. ඒක නිසා නියම් හෝ අනියම් ප්‍රේමය මනුස්සයකුගේ ජීවිතයේ ඕන වෙලාක ඇතිවෙන්නෙ පුළුවන්. හැබැයි මම විශ්වාස කරන්නෙ ආදරයට වඩා තව කෙනෙක්ගෙන් ලැබෙන ගරු කිරීම මත human errors අපිට හදාගන්න පුළුවන් කියලා.

විවාහය කියන්නෙ මොකක්ද කියලා දන්නෙ නැති නිසාද ලංකාවේ අනියම් සම්බන්ධතා වැඩි?


ඔව්. ගොඩක් අය තමන්ගෙ සහකාරයා එක්ක ජීවිතයේ හැමදේම බෙදාගන්නෙ නැහැ. හැම වෙලාවේම ඔහුට හෝ ඇයට කියන්නෙ තමන්ගේ ජීවිතයේ ධනාත්මක දේවල් විතරයි. සෘණාත්ම දුර්වල දේවල් කිව්වොත් තමන් බාල්දු වෙයි කියලා හිතනවා. තමන්ගෙ සෘණාත්ම පැත්තත් සහකාරයට එළිකරන්න ඕන. මම මේ කියන්නෙ සෘණාත්මක දේවල් හදාගන්න ඕන කියලා නෙමෙයි. සෘණාත්ම දේවල් සහකාරයාට කිව්වාම එයා ඒ දේවල් භාර අරගෙන තමන් එක්ක සහයෝගයෙන් ජීවත්වෙන්න උත්සාහ කරනවා. ඒ විදිහට දෙන්නා තේරුම් අරගෙන ජීවත් වෙනවා නම් මම හිතන්නෙ නැහැ අනියම් සම්බන්ධතා පවත්තන්න ගොඩක් අය පෙලඹෙයි කියලා.


ඔබ විවාහ වෙන්නෙ living together සම්බන්ධතාවක් පවත්වලා නේද?


මම මගේ සැමියා එක්ක විවාහ වෙන්නෙ ඔහුත් එක්ක living together ඉඳලා. මුකුත්ම දන්නෙ නැතුව විවාහ වෙලා සංකීර්ණ ජීවිතයක් ගත කරනවට වැඩිය living together ඉඳලා දෙන්නට දෙන්නා තේරුම් අරගෙන විවාහ ජීවිතයට යන එක හොඳ දෙයක්. මේ වෙද්දි ලංකාවෙ ගොඩක්දෙනා living together සංකල්පය පිළිගන්න දෙයක්. ඒ නිසා මං හිතනවා මීට වඩා පවුල් ප්‍රශ්න අඩු සමාජ වටපිටාවක් ඉදිරියේදි අපිට දකින්න පුළුවන් කියලා.

වර්තමාන කලා ක්ෂේත්‍රයේ ඔබ එක පරිච්ඡේදයක් ලියපු නිළියක් විදිහට හැඳින්වුවොත්?


කලා ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණයෝ තරම් මම වැඩ කරපු නිළියක් නෙමෙයි. තාම මම රංගනය හදාරමින් ක්ෂේත්‍රයේ ගමනක් යන කෙනෙක්. මේ තාක් ප්‍රේක්ෂකයෝ දැක්කෙ මගේ එක රංග පරාසයක් විතරයි. මම කැමතියි හදාරන දේවල්වලින් මගේ හැකියාවන් ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් කරන්න. විශේෂයෙන් මම කැමතියි තව වෙනස් විදිහේ චරිතවලින් ප්‍රේක්ෂකයෝ අතරට එන්න.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: අනියම් සම්බන්ධයක් ඕන වෙලාවක ඇතිවෙන්න පුළුවන් Rating: 5 Reviewed By: webgossip24.com