728x90 AdSpace

උණුසුම් පුවත්.....
Thursday, May 4, 2023

රත්නපුරේන් සල්ලි අරගෙන කට්ටි පැනපු ජනප්‍රිය ගායක දෙපළට වැඩ වරදියි


අලුත් අවුරුදු උත්සවයට සමගාමීව පසුගියදා (22) රක්වාන නගරයේ පැවැත්වූ සංගිත ප්‍රසංගයට සහභාගි වීමට පොරොන්දු වී සිටි දිවයිනේ ජනප්‍රිය ගායකයන් දෙපළක් වන සඳුන් පෙරේරා සහ දිමංක වෙල්ලාලගේ යන ගායකයන් කිසිදු පූර්ව දැනුම් දීමක් නොකර ප්‍රසංගයට සහභාගි නොවීම සම්බන්ධයෙන් ඔවුන් දෙපළට විරුද්ධව නීතිමය පියවර ගත් බව සංගීත ප්‍රසංගය සංවිධානය කළ රත්නාලෝක ජාතික පාසලේ ආදි ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු චමින්ද දෙල්පාගොඩ මහතා පැවසීය.

ගෙවුණු බක්මහ අසිරිය නිමිත්තෙන් අප ආදි ශිෂ්‍ය සංගමය එක්ව පසුගිය 21 සහ 22 යන දෙදින තුළ රක්වාන රත්නාලෝක ක්‍රීඩාපිටිය තුළදී ආදි සිසුන්ගේ ක්‍රිකට් තරගාවලියක් පවත්වා එදින රාත්‍රියේ දිවයිනේ නමගිය සංගීත කණ්ඩායමක සහභාගිත්වයෙන් සංගීත ප්‍රසංගයක් පැවැත්වූ බවත් ඒ සඳහා සහභාගි වීමට සිටි ගායක ගායිකාවන් අතුරින් සඳුන් පෙරේරා සහ දිමංක වෙල්ලාලගේ යන ගායකයන් දෙපළ හිතාමතාම මෙම ප්‍රසංගයට සහභාගි නොවූ බව ද හෙතෙම පැවසීය.

එදින පැවැති සංගීත ප්‍රසංගය සඳහා අදාළ ගායකයන් දෙපළගේ බැංකු ගිණුම් දෙකට අප්‍රේල් මස 01 වැනි දින අත්තිකාරම් මුදල් තැන්පත් කිරීමට කටයුතු කර සංගීත ප්‍රසංගයට ඔවුන්ගේ සහභාගිත්වය තහවුරු කරගත් බවත් පසුව සංගීත ප්‍රසංගය සඳහා ඔවුන්ගේ සහභාගිත්වය පිළිබඳ පූර්ව ප්‍රචාරයක් පවා ලබාදීමට කටයුතු සිදු කළ බව පැවසීය. අනතුරුව සංගීත ප්‍රසංගය ආසන්න දිනයක ඔවුන්ගේ දුරකතනවලට අමතා ප්‍රසංගයට සහභාගි වීම පිළිබඳ නැවත තහවුරුවක් ලබාගත් බව ද ඒ මහතා පැවසීය.

ප්‍රසංගය නැරඹීම සඳහා විශාල ජනතාවක් රත්නාලෝක ක්‍රීඩාපිටියට සහභාගි වී සිටිය ද ප්‍රසංගය සඳහා ආරාධනා කර සිටි ගායකයන් දෙපළ නොපැමිණීම හේතුවෙන් ප්‍රසංගය සංවිධානය කළ රත්නාලෝක ජාතික පාසලේ ආදි ශිෂ්‍ය සංගමය ජනතාවගේ දෝෂදර්ශනයට ලක්වූ බවත් එකඟවූ පරිදි සංගීත ප්‍රසංගයට සහභාගි නොවී විශ්වාසය කඩකිරීම සම්බන්ධයෙන් ගායකයන් දෙපළට විරුද්ධව නීතිමය පියවර ගැනීමට රක්වාන පොලිසියේ පැමිණිල්ලක් සටහන් කළ බව ද චමින්ද දෙල්පාගොඩ මහතා පැවසීය.
  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: රත්නපුරේන් සල්ලි අරගෙන කට්ටි පැනපු ජනප්‍රිය ගායක දෙපළට වැඩ වරදියි Rating: 5 Reviewed By: webgossip24.com