728x90 AdSpace

උණුසුම් පුවත්.....
Tuesday, May 2, 2023

පිස්සෙක් බුදු මැදුර කඩා බුදු පිළිමය පොලවේ ගහලා

 


 මුලතිව් කෝකිලායි මෝය ප්‍රදේශයේ ඉදිකොට තිබූ කුඩා බුදුමැදුරකට හා බුදු පිළිමයකට හානිකළ අයෙක් අත්අඩංගුවට ගත් බවට කෝකිලායි පොලීසිය පවසයි.

කෝකිලායි පොලීසියට අදාල බුදුමැදුරට අයෙකු විසින් හානිකරන බවට ලැබුණු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් එම ස්ථානයට ගොස් සිදුකල පරික්ෂණයකදී මෙම පුද්ගලයා අත් අඩංගුවට ගනු ලැබීය.

බුදුමැදුරේ බිත්ති කිහිපයකට හානිකොට ඇති අතරම බුදු පිළිමය බුදුමැදුරෙන් ඉවතට ගෙන පෙරලා දමා තිබියදී අදාල පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී පෙරලුනු බුදුපිළිමයටද හානි සිදුව ඇත.

අදාල ක්‍රියාව සිදුකල පුද්ගලයා එලෙස හානි කිරීමට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතරම කිසියම් මානසික ආතතියක් පෙළෙන අයෙකුද යන්න පිළිබඳව සැක සහිත බවටද පොලීසිය පවසයි.

කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් සැකකරු මීගමුව උඩප්පු ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි අයෙකු බවටද පරික්ෂණ සිදුකරන කෝකිලායි පොලීසිය වැඩිදුරටත් පැවසීය

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: පිස්සෙක් බුදු මැදුර කඩා බුදු පිළිමය පොලවේ ගහලා Rating: 5 Reviewed By: webgossip24.com