728x90 AdSpace

උණුසුම් පුවත්.....
Saturday, March 4, 2023

පියා සමග අමනාපෙට සිගිති දරුවා ඉස්සන් ටැංකියකට තල්ලු කළ මවක් - CCTV දර්ශණ

 


සැමියා සමග පැවති ආරවුලක් හේතුවෙන් සැමියාගෙන් පලිගන්න මවක් තම අවුරුදු එකහාමාරක දරුවා ඉස්සන් ටැංකියකට තල්ලු කර දමා ඇති බව උඩප්පුව පොලිසිය 4 දින පවසයි.

උඩප්පුව කට්ටකඩුව ප්‍රදේශයේ ඉස්සන් ගොවිපලක සේවය කරනු ලබන කම්කරුවකුගේ බිරිද මෙසේ ඔවුන්ගේ වයස අවුරුද්දයි මාස 6 ක පමන ගැහැණු දරුවා ඉස්සන් ටැංකියට තල්ලු කර ඇති බව කියයි.

අදාල කාන්තාව දරුවා ඉස්සන් ටැංකිය අසලට රැගෙන විත් ඉන් පසුව එකවර එම ඉස්සන් ටැංකියට තල්ලු කර ඇති බව පොලිස් පරික්ෂණ වලදි හෙළිවි තිබේ.

අදාල කාන්තාව දරුවා ඉස්සන් ටැංකියට තල්ලු කර දමා කිසිත් නොදන්නා ලෙස දරුවා නොමැති බව පවසමින් සොයමින් සිටියදී එම ඉස්සන් ගොවිපලේම සේවය කරනු ලබන වෙනත් කම්කරුවකු දරුවා ඉස්සන් ටැංකියෙ දගලන දැක එයට පැන බේරා ගෙන ඇති බව කියයි.

එසේ බේරා ගත් දරුවා කඩිනමින් පුත්තලම මූලික රෝහලට ඇතුලත් කිරීමේන් පසුව පුත්තලම රෝහලින් කුරුණෑගල ශීක්ෂණ රෝහලට මාරු කර යවා ඇති බව කියයි.

කුරුණෑගල ශීක්ෂණ රෝහලේ ප්‍රකාශකයකු පවසා සිටියේ දරුවාගේ තත්වය මේ වන විට යහපත් අතට හැරි ඇති බවයි.

පොලිස් පරික්ෂණ වලදි සනාථ වි ඇත්තේ දරුවා ඉස්සන් ටැංකියට තල්ලු කල කාන්තාව කලක සිට සැමියා සමග පවුල් ආරවුලක් තිබි ඇති බවයි.

අදාල කාන්තාව කොබෙයිගනේ ප්‍රදේශයෙ පදිංචිකාරියක් බවත් පවුල් ආරවුල කොබෙයිගනේ පොලිසියට ඉදිරිපත් වු අවස්ථාවේ දෙදෙනා දරුවා සමග සාමකාමිව වාසය කරන ලෙස උපදෙස් ලබා දී තිබු බවයි.

කෙසේ නමුත් මෙම කාන්තාව තම සැමියා හා දරුවා සමග කට්ටකඩුව ඉස්සන් ගොවිපලේ වාඩියක පදිංචිව සිටියදී  දින කිපයකට පෙර සැමියා සමග ඇතිවු ආරවුලකින් පසු සැමියාගෙන් පලි ගැනිමට දරුවා මෙසේ ඉස්සන් ටැංකියට තල්ලු කර දමා තිබේ.

අදාල සිද්දිය සම්බන්ධයෙන් 20 හැවිරිදි එක්දරු මව උඩප්පුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.





  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: පියා සමග අමනාපෙට සිගිති දරුවා ඉස්සන් ටැංකියකට තල්ලු කළ මවක් - CCTV දර්ශණ Rating: 5 Reviewed By: webgossip24.com